වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රජා සද්කාරයක

ප්‍රජා සද්කාරයක

රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්න

මම පසුගිය දවස්වල ‘රන්තරු’ නාට්‍යයේ ෂූටිං අවසාන කළා. ඉදිරි කාලය නම් ගිරිරාජ්ගේ ‘එතුමා’ චිත්‍රපටයට වගේම තවත් ටෙලි නාට්‍ය කිහිපයක ෂූටිංවලට දායක වෙන්න තියෙනවා. මේ දවස්වල නම් ළමුන් වෙනුවෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ වැඩමුළු සඳහා සහභාගි වෙමින් සිටින්නේ. ප්‍රජා සද්කාර්යයක් විදියට තමයි එය සිදු කෙරෙන්නේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ වෙනුවෙන් ප්‍රායෝගික දැනුම ලබාදීමට පාසලෙන් පාසලට ගොස් අපි මේ වැඩමුළු පවත්වනවා. කලා ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් තමයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ.