වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




දියමන්ති යුගය සමරමින් නව සිනමාහලක්

දියමන්ති යුගය සමරමින් නව සිනමාහලක්
 

නැගෙනහිර මඩකලපුවේ චෙන්කලඩි නගරයේදී ‘සෙල්වම් ප්‍රිමියර්’ නමින් නවීනතම ශබ්ද තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා අතින් විවෘත කෙරිණ. මෙහි ත්‍රිමාණ සිනමාපට ද ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු සම්පාදනය කොට ඇත.

ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මෙම කාලය නම් කොට ඇත්තේ සිංහල සිනමාවේ දියමන්ති යුගය ලෙසිනි. සෙල්වම් ප්‍රිමියර් ද සිනමාලෝලීන්ට දායාද කළේ එම සංකල්පය යටතේය. සේයාරුවින් දැක්වෙනුයේ සභාපතිවරයා සෙල්වම් ප්‍රිමියර් විවෘත කළ මොහොතයි.