වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




අනුෂ්කා ගේ ආදරය

අනුෂ්කා ගේ ආදරය

ආදරය පෙම්වතියකට වඩා වටින්නේ ආදරවන්තයා සමඟ ගත කිරීමට සොයා ගන්නා මොහොතක හෝ කාලයයි. අනුෂ්කා ෂර්මා විරාල් කෝලිටත් වඩා ;සනෙහස දක්වන මිතුරකු සිටියි. මේ නිසා විරාල් ගේ සිත ද ඊර්ෂ්‍යාවෙන් පිරී ඇත. අනුෂ්කාගේ හදවත දිනාගෙන ඇත්තේ මාස හයක කෙනෙකි. හැබැයි ඒ දෙපා සතකුª නම් නොවෙයි. සිවුපා සතෙකි. ලැබ්‍රඩෝර් සුනඛ විශේෂයට අයත් උගේ නම ‘ඩූඩ්’ ය. ‘ඩූඩ්’ නොදැක කාලය ගත කිරීම විරාල් නොදැක කාලය ගත කිරීමටත් වඩා අනුෂ්කාට අසීරුය.

ශ්‍රී ලංකාවේ අනුරාග් කාශ්‍යප් ගේ ‘බොම්බේ වෙල්වට්’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටි ඇය සති අන්තයේ මූම්බායි ගොස් ඇත්තේ සුනඛ සුරතලා බැලීමටයි. සුනඛ පෝතකයා සමඟ ඇති පෙම මඳ වශයෙන් හෝ බිදී යනවාට අනුෂ්කා අකැමැතිය. ‘ඩූඩ්’ සමඟම ගත කළ සති අන්තයට ‘විරාල්’ ගේ නමවත් එක් කිරීමට ඇය අකැමැති වූ බව මිතුරු මිතුරියෝ පවසති.