වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජන මාලිනී බුද්ධි සමග සුරාජ්කුන්ද් මේලාවේ

නිළි රැජන මාලිනී බුද්ධි සමග සුරාජ්කුන්ද් මේලාවේ

බුද්ධි කීර්තිසේන අපේ සිනමා ක්ෂේත්‍රයට සුවිශේෂ නිර්මාණ දායාද කරන්නා වූ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහු පසුගිය දිනයක විශේෂ කටයුත්තකට දායක වූණා. ඒ අපේ සිනමාව බැබළ වූ නිළි රැජන මාලිනී ෆොන්සේකාත් සමගයි. මේ කටයුත්ත යෙදිලා තිබුණේ අපේ අසල්වැසි ඉන්දියාවේදී යි.

බුද්ධි සහ මාලිනිය මේ විදියට හමු වුණේ සුරාජ්කුන්ද් ජාත්‍යන්තර මේලාවේදී යි. එය ලොව රටවල් රැසක සහභාගීත්වයෙන් පවත්වන අත්කම් ප්‍රදර්ශනයක්. එහිදී අපේ රටේ 66 වැනි නිදහස් දිනයත් අභිමානවත් අයුරින් පවත්වන්නට යෙදීමත් මේ අතර තවත් සුවිශේෂ කටයුත්තක් වූණා. ඒ අවස්ථාවට නිළි රැජන මාලිනිය සහ බුද්ධි සමඟින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාත් සහභාගි වුණා.