වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




පහන් තරුව පොතක්

පහන් තරුව පොතක්

නිවේදිකා කුසුම් පීරිස්

මේ දවස්වල සුපුරුදු සාමාන්‍ය විදියට කාලය ගත කරනවා. පසුගියදා අපේ පුතා විවාහ වුණා. ඒ ගැන හරිම සතුටින් ඉන්නේ. විවේක ලැබෙන හැම වෙලාවකම මමත් මහත්තයත් පුතාගේ ගෙදර යනවා. නිවේදන කටයුතුවල නම් සුපුරුදු විදියට වසර දහ තුනක් පුරාවට මම ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ ‘එතෙර ඉසුර’ වැඩසටහන කරගෙන යනවා. ඒ හැරුණාම ශ්‍රී එෆ්. එම්. නාලිකාවේ නියාමන නිලධාරිනියක ලෙසත් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඒ දවස්වල මම රචනා කළ ‘පහන් තරුව’ ගුවන් විදුලි නාට්‍ය නවකතාවක් ලෙසින් එළි දක්වන්නත් සූදානම් වෙනවා.

මෙවැනි කටයුතු සමඟින් තමයි දැන් ජීවිතය ගත කරන්නේ. මේ සතියට මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. එදාටත් වෙනදා වගේම පන්සලට ගිහින් මල් පහන් පූජා කරන්න සූදානම් වෙලා ඉන්නේ.