වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ළමා නිවාසයේ

ළමා නිවාසයේ

රංගන ශිල්පී දර්ශන ධර්මරාජ්

සන්තුෂ ලියනගේ අධ්‍යක්‍ෂණය කළ ‘සිදම්බරං’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසන් වුණා. ඒ වගේම ‘කාදල් කන වූ’ කියන දමිළ ටෙලි නාට්‍යයෙත්, ‘රෑන’ කියන සිංහල ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම්වලට සහභාගි වෙන නිසා මේ දවස්වල මම තරමක් කාර්යබහුලයි. මගේ උපන් දිනය ළඟදීම එළැඹෙන නිසා එදාට මෝදර කන්දගොඩ ළමා නිවාසයට මම යන්න සිතාගෙන සිටිනවා. එදාට මා සමඟ ඔවුන් බලන්නට කලාකරුවන් රැසක් ද එකතු වේවි.