වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ඩෙංගු මාරයා ගැන කියන ‘ගම්මානයට ගිම්හානය’ වැඩ නිමයි

ඩෙංගු මාරයා ගැන කියන ‘ගම්මානයට ගිම්හානය’ වැඩ නිමයි

මාරාන්තික ඩෙංගු රෝගයෙන් වන ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන ‘ගම්මානයට ගිම්හානය’ නම් වූ ටෙලි චිත්‍රපටයක රූ ගැන්වීම් පසුගියදා නිම විණ.

අරුණ රාජපක්ෂ තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ එය ආදර්ශවත් කතා පුවතකි.

සුමින්ද සිරිසේන, ජනක් ප්‍රේමලාල්, රොඩ්නි වර්ණකුල, රෙබෙකා නිර්මලී, නිරෝෂන් විජේසිංහ, අනුරුද්ධිකා පාදුක්කගේ, අසේල ජයකොඩි, ලියෝනි කොතලාවල, විජිත් වික්‍රමරත්න, දිලිනි ලක්මාලි, සුසිලා කෝට්ටගේ, රවීන්ද්‍ර යසස්, විශාකා ගුණතිලක, ඩීමන් හෙට්ටිආරච්චි, හිමාෂා ද සිල්වා, ජයන්ත ෆොන්සේකා, අනුර මාපිටිගම, අජිත් ධර්මප්‍රිය, අනුර ශ්‍රීනාත්, මෝමන් පළිහවඩන, තිස්ස පෙරේරා, ධම්මික සල්ලපුර, පත්මා පෙරේරා, ලලිතා ජයරත්න, කෝකිල රාජපක්ෂ ආදීහු ගම්මානේ ගිම්හානය සඳහා රංගන දායකත්වය ලබාදේ.

බන්දුල වීරසේකරගේ කලා අධ්‍යක්ෂණයකි. තිස්සසිරි පෙරේරා කලා අධ්‍යක්ෂවරයාය. කැමරා අධ්‍යක්ෂණය චන්දන ධර්මප්‍රියගෙනි. විජිත් වික්‍රමරත්න සමඟ අරුණ රාජපක්ෂ ගම්මානේ ගිම්හානය නිෂ්පාදනය කොට ඇත.