වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ඉරුදෙණියාය, බෙල්ලන්විලදී

ඉරුදෙණියාය, බෙල්ලන්විලදී

රෝහණ සමරදිවාකර අධ්‍යක්ෂණය කරන ඉරුදෙණියාය ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා බෙල්ලන්විල රජ මහා විහාරයේදී පැවැත්විණ. ප්‍රසන්නජිත් අබේසූරිය, මොරීන් චාරුණී, මුතු තරංගා, ධනුෂ්ක රත්නායක, ධනුක දිල්ශාන්, නිලුක්ෂි ප්‍රනාන්දු, ලසන්ත උඩුකුඹුර, අනුර වරාගොඩ ඇතුළු පිරිස මෙහි චරිත නිරූපණය කරනු ලබති.

ඉරුදෙණියාය යූ. බී. රත්නායකගේ තිරකතා රචනයකි. ජනක මාපිටිය කැමරාව මෙහෙයවයි. අනුර වරාගොඩ සහාය අධ්‍යක්ෂවරයාය. ලසන්ත උඩුකුඹුරගේ කලා අධ්‍යක්ෂණයකි.

ප්‍රියන්ත ජයසිංහ නිෂ්පාදන කළමනාකරුය. ධනුෂ්ක හුලංගමුවගේ අංග රචනයකි. වජිර පෙරේරා සංස්කරණයෙන් එක්වීමට නියමිතය. කෝලිතභානු දිසානායකගේ සංගීත අධ්‍යක්ෂණයකි.

ඉරුදෙණියාය රෝහණ සමරදිවාකරගේ සහ ධනුෂ්ක රත්නායකගේ නිෂ්පාදනයකි.