වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ඈත දුරක ගීත පාවෙලා

සිහින අහසේ වසන්තේ
ඔබේ කටහඬ ඇසෙන්නේ
ඈත දුරක දෑස පාවෙලා
ඔබේ රුව සොයයි ගීතයේ
ආනන්දයයි ගී හඬේ
ග්‍රේෂන් ඔබයි සත්සරේ
 

රවීන්ද්‍ර එස්. ආනන්ද

මාබිම

පතිරාජට සුබ පැතුම්

ඉන්දියාවේ බැංග්ලෝර් ජාත්‍යන්තර සම්මාන උළෙලේ මෙවර ජූරි සභාවේ සභාපති ලෙස කටයුතු කිරිමට තේරී පත් වීම පිළිබඳව විශිෂ්ට සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන්ට මාගේ නමස්කාරය.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

තටාකය පාර

එඩ්වින් ආරියදාසයන්ට සුභාශිංසන

පසුගිය දෙසැම්බර් තුන්වැනි දින අනූ එක් වියට සපැමිණි එඩ්වින් ආරියදාසයන්ට මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස් එවූ පැදි පෙළකි මේ.

දෙසැම්බර් තුන පැමිණුනා
වසර අනූඑකක් වුණා
හෙළ බස ඔපවත් කළ
නිරෝගිකම හිමිවුණා

යුගයේ අවශ්‍යතාවයට සාර්ථක නිර්මාණයක්

යුගයේ අවශ්‍යතාවය මනාව වටහා ගනිමින් සුරංග ද අල්විස් විසින් නිර්මාණය කරන ලද රජ හොරු චිත්‍රපටය ඉතාමත් සාර්ථක සිනමා නිර්මාණයක් බව කිව හැකියි.

රන්ජන්, අර්ජුන සහ බුද්ධික ඇතුළු පිරිස යොදා ගනිමින් වෙනස් ආරක කතා තේමාවක් සමඟින් විනෝදය, ත්‍රාසය, එකට එක් කොට සිංහල සිනමාවට තවමත් දක්ෂ අධ්‍යක්ෂවරු සිටින බව ඔබ ඔප්පු කළේය.
 

මිල්ටන් ප්‍රනාන්දු

මිනෙරෝ

උතුරු මූදුකටුව

ටෙලි නාට්‍ය වැටකොළු ද? පතෝල ද?

දැන් දැන් විකාශය වන සමහර ටෙලි නාට්‍ය පතෝල හා වැකොළුවලට සමානය. ඒවායේ නළු නිළියන් පියරු බබාලා වැනිය.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ

අමිලා - දුමාල් රස වින්දනයට බාධාවක්

සිරස නාලිකාව ඔස්සේ විකාශය වන සිරස සුපර් ස්ටාර් හයවන අදියරේ විනිසුරුන් ලෙස සිටින අමිලා නදීශානි සහ දුමාල් සහභාගි වන අමුත්තන්ගෙන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න අසමින් කාලය නාස්ති කිරීම එහි රස වින්දනයට බාධාවකි. එහෙයින් මෙම වැඩසටහන මෙහෙය වන අය මීට වඩා වගකීමන් ක්‍රියා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
 

පාලක සමන් පෙරේරා

හැඳල

ඉහිරුණු කිරි අගය කළ යුතුයි

ඉහිරුණු කිරි ජාතික නාලිකාවේ විකාශය වන අගනා ටෙලි නාට්‍යයකි. සැම දෙනාට සිත්ගන්නා අයුරින් නළු නිළියන් චරිතවල ජීවත් වෙති. විශේෂයෙන් ජයලාල් රෝහණ අගය කළ යුතුයි.
 

අයලීන් සෝවිස්

වැලිසර


මුතුපලස ටෙලි සිතුවම මඟින් සිනමා සහ ටෙලි ක්ෂේත්‍රයේ ඇති වැරැදි පෙන්වයි. සැබවින්ම එය නොකළ යුත්තකි. ඕනෑම ක්ෂේත්‍රයක වැරැදි ඇත. නමුත් මෙමඟින් පෙන්වන පරිදි කලා ක්ෂේත්‍රය අන් හැම ක්ෂේත්‍රයටම වඩා පහත්ය. ඇයි මේ තමන් හම්බ කරගෙන කන ක්ෂේත්‍රයටම පහරන්නේ.
 

දිනේෂ් මධුරප්පෙරුම

පිළියන්දල

වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන සමහර ගුවන් විදුලි නාළිකාවන්ට ආදර්ශයකි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. එහි ගිරව් නැත. ක්‍රමවත්ව පවත්වාගෙන යන ගුවන් විදුලි සංස්ථාව සිංහල ජාතියේ ආලෝකයයි.
 

මුදලිගේ

කඩුගන්නාව

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාණන් ඒ දිනවල කරපු චිත්‍රපට අද කාලයටත් ගැළපේ. ඔහුගේ නමින් සංරක්ෂණාගාරයක් තිබෙනවා නම් කොතරම් අගේද?
 

එස්. පෙරේරා

ජාඇල

නිළි ගැටුම නිමද? නවක නිළියන් තිදෙනෙකුගේ ගැටුම වරින්වර මාධ්‍ය තුළින් අප ඇසුවෙමු. දැන් ඔවුන් සද්ද නැත. ඇත්තටම මේවා ජනප්‍රිය වෙන්නට කරන වැඩ ද කියලා වෙලාවකට හිතෙනවා.
 

ලක්මාලි

වරකපොළ

ඔබටයි ප්‍රියේ ආදරේ සිනමාපටයේ එන ආශාවේ ආශාවේ පායා ගීතය නව පරපුරේ සංගීත කණ්ඩායම විකෘති කොට ඇත. එපමණක් ද නොව ඔවුන් එය ගයන්නේ වැරැදි ගී පද කියමිනි. ගීතය හරියට දන්නේ නැතිනම් නොකියා ඉන්න එක තමයි හොඳ.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් එකට මම ගොඩක් ආසයි. ප්‍රසංග වේදිකාවේ වෙනසක් ඇති කළේ ද ඔවුන්.
 

අරුණ

රඹුක්කන

නිල්මිණි, සමිතා, නිරෝෂා නැගි බෝට්ටුවට ගයාත්‍රිත් නගියි වගේ.
 

සජනා

කොළඹ

හිරු තනි වෙලා ටෙලි නාට්‍යයේ චතුරිකාගේ රංගනය හැඟුම්බරය. ඇය ප්‍රේම කරන්නට දක්ෂයකු වග ඔප්පු වෙනවා.
 

ගම්ලත්

පාදුක්ක

මම සරසවිය හරහා විශ්ව කොඩිකාර අයියට ජනප්‍රියම නළුවා වෙන්න කියලා පැතුවා. ඒක එහෙම්මම වුණා. විශ්ව හොඳට රන්තරු නාට්‍යයේ රඟපානවා.
 

සංජීවනී

අනුරාධපුර

සුමිත්‍රා ෆොන්සේකා මහත්මියට හෙළ සිනමා සක්විතිට ශක්තියක් වී ඔහුත් සමඟ නිබඳව සිටි ඔබ අප අතරින් වෙන්වීම මහත් පාඩුවකි.
 

විජයානන්ද පොඩි නිලමේ

නාලන්දාරාම පාර,

නුගේගොඩ

හිරු නාලිකාවේ විකාශය වන වින්දනීය උදෑසන හි තරුවකගේ අනාගතය කියන අංගයේ කිසිම හරවත් බවක් නැහැ. අපේ ජීවිතවලට ගත යුතු දෙයක් නැහැ.
 

දිල්කි

කුරුණෑගල

ජෝති ගීත පමණයි අද වුණත් එක ලෙස රස විඳීය හැකි. අපේ අංක එකේ තරුව ජෝතියි.
 

පී. වයි. අනුලාවතී

කුඩගම

අවිස්සාවේල්ල

ඉටු කිරීමට නොහැකි දෙයක් නිසා විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන චරිතයක් රඟමින් සම්පත් ජයවීර සිරීගේ ඉරණම නාට්‍යයේ උසස් රංගන හැකියාවක් ඉදිරිපත් කරයි.
 

ඉන්ද්‍රපාල

තිළිණි

මදාරා

මුතු මැණිකේ

මුංහේන

රන් කෙවිට ෆිල්ම් එක සිනමාවේ වොන්ඩර්ෆුල්ම ෆිල්ම් එකයි.
 

ආශි

දංකොටුව

ශ්‍රියාණි අමරසේනට,
වේදිකාවෙන් සිනමාවට පිවිසි ඔබ සිනමාවෙන් ටෙලි නාට්‍යවලත් රඟපෑ අයුරු අප බෙහෙවින් අගය කරමු. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට ඔබ පාන දස්කම් අප මොනවට දුටුවෙමු.

ඉතින් ශ්‍රියාණි අක්කේ ඔබේ හැකියාවෙන් තව තවත් දියුණු වී තවත් අප පිනවන්න නිර්මාණ කරන්න ලැබේවා යැයි පතමි.
 

අශෝකා

වත්සලා

චන්දන

අම්බලන්තොට

සචිත් වී. චතුරංගට,
බඹර නාදේ, හිත හදා ගන්න බෑ, රැවටුණු තරම්, දිලිසෙන දෙනෙත්, ස්වප්නා යන සිංදු හතරම හොඳට ජනප්‍රියයි. ඔබේ පද මාලා මහාචාර්යවරුන්ට දෙවැනි නැහැ. තවත් ගීත ලියන්න.
 

දිනේෂ් ප්‍රියංකර

විජය සමරතුංග

මීගමුව

රන්ජන් රාමනායක තමයි තවමත් අපේ හීරෝ.
 

තාරිකා

කොළඹ

සිරිතුංග පෙරේරා මහත්තයෝ,

ඔබගේ කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ සිනමා නිර්මාණය එනතුරු අප බලා සිටින්නෙමු.
 

සුමිත් ඇතුළු පවුලේ සැම

වතුරුගම

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් වේදිකාවට ආලෝකයක් වූ සුරාජ් මාපාගේ නර්තනය කාටත් දෙවැනි නැහැ.
 

හර්ෂා

මාකඳුර

ඉන්දියාවේ චිත්‍රපටවල රඟපාන ඉන්දියානු නිළියන් අපට එපා එපාමයි.
 

නිලූකා

අවිස්සාවේල්ල

මංජුලා කුමාරි තමයි ටෙලිවිෂනනයේ අහිංසකාවිය.
 

ධම්මික

ජාඇල

සුරේන්ද්‍ර අයියේ, මම ඔයාගේ සිංදුවලට ගොඩාක් ආසයි. ඒ වාගේම ඔයා සිං කරනවා හරිම ලස්සනයි. බලාගෙන ඉන්න කොට ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ.
 

නිලකා ප්‍රියදර්ශනී

නාත්තණ්ඩිය

අපේ පළමු ටෙලි නාට්‍ය නිළිය වන දේවිකා මිහිරානි යලිත් ටෙලි නාට්‍ය රඟපාන්න එන්නකෝ ප්ලීස්.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

කලා ලොව පිළිබඳ නිදහස් සිතුවිලි මෙතැන සනිටුහන් කරන්න. ඒවා ක්ෂණිකව 0752805047 අංකයට එවන්න.

තැපැල්පත් හෝ සටහන් පත් මඟින් ප්‍රතිචාර එවනවා නම් ලිපිනය මෙන්න.

ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්,
කොළඹ 10.

මෙතැන් පටන් කියවා බලමු අද ප්‍රතිචාර මොනවාද, කාටද කියා.