වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




රන් කෙවිට 3 ලියන්න උදයකාන්තගෙන් ආරාධනාවක් මුදලිනුත් ලක්ෂයක් තෑගි

රන් කෙවිට 3 ලියන්න උදයකාන්තගෙන් ආරාධනාවක් මුදලිනුත් ලක්ෂයක් තෑගි

රන් කෙවිට 1 සහ රන් කෙවිට 2 (ගොපළුගේ වික්‍රම) යන චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ හෙයින් රන් කෙවිට චිත්‍රපටයේ තුන්වැනි කොටස නිර්මාණය කිරීමට මිලේනියම් එන්ටර්ටේන්මන්ට් චිත්‍රපට සමාගම බලාපොරොත්තු වේ. මෙම චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කරනු ලබන්නේ උදයකාන්ත වර්ණසූරිය විසිනි.

රන් කෙවිට තෙවැන්න නිර්මාණය කිරීම සඳහා ඊට සුදුසු කතාවක් රචනා කිරීමට රන් කෙවිට ප්‍රේක්ෂකයකුටම අවස්ථාව ලබා දීමට නිෂ්පාදන ආයතනය බලාපොරොත්තු වේ.

තෝරා ගත් විස්මිත ආකර්ශනීය හොඳම කතාවට රුපියල් ලක්ෂයක මුදලක් නිෂ්පාදන සමාගමෙන් පිරිනැමේ. මෙම පිටපත් මිලේනියම් එන්ටර්ටේන්මන්ට් චිත්‍රපට සමාගම අංක 160/29, පූර්වාරාම පාර, කිරුළපන, කොළඹ 05 යන ලිපිනයට එවිය යුතුය.