වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




ගීත එකතුවක් රැගෙන මාලි ලඟදීම

ගීත එකතුවක් රැගෙන මාලි ලඟදීම

මේ දිනවල ප්‍රසංග වේදිකාවේ දකින්නට ලැබෙන මාලි දිසානායක රජරට සේවයෙන් බිහි වූ දක්ෂ ගායිකාවකි. රූකාන්ත ගුණතිලක, ජයන්ත රත්නායක, ප්‍රියන්ත නාවලගේ, සිරිල් පෙරේරාගේ සංගීත සංයෝජනයෙන් ‘සඳ මට දුරින් පෙනුනා’, ‘ඈත දුර නැති’, ‘එළිය නොවුනා නම්’ ගීත ඇතුළුව ස්ව නිර්මාණ අටක් එළිදක්වා ඇති ඇය ළඟදීම ගීත එකතුවක් එළිදැක්වීමට බලාපොරොත්තු වන්නීය.

ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා ඇති මාලි දිසානායක රජරට සේවය, සිටි එෆ් එම් සහ සිරස එෆ් එම් ගුවන්විදුලි නාලිකා තුළින්ද සිය ගායන හැකියාව රටටම එළිදක්වා තිබේ. සංගීත කණ්ඩායම් කිහිපයක්ම සමඟින් ගායිකාවක ලෙස කටයුතු කරන ඇය අර්ථවත් ගීත සමඟින් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටීමට බලාපොරොත්තුව සිටියි.