වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 141

සිංහල සිනමා විස්තරය 141

චිත්‍රපට නාමාවලියේ 1984 වර්ෂයේ චිත්‍රපට කිහිපයක් පළවී ඇත්තේ චිත්‍රපට කිහිපයක් මග හැරීමෙනි. එබැවින් එම මගහැරුණු චිත්‍රපට මේ සමඟ පළවෙයි. මෙ වරද නිවැරැදි කළේ අපේ පාඨක නාලක වීරමන් මහතාට අපි ස්තුතිවන්න වෙමු.

ශිරාණි

තිරගත වූ දිනය – 1984 ජනාරි 06

ඉදිරිපත් කිරීම - සිනේ සෞම්‍යය නිෂ්පාදනය – පර්සි කුලරත්න, නිමල් පරේරා, උපාලි පියරත්න අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

කතාව, දෙබස් සහ තිර නාටකය - සෝමරත්න එදිරිසිංහ සහාය අධ්‍යක්ෂණය - බොනිපස් ප්‍රනාන්දු, නිමල් පෙරේරා, උපාලි පියරත්න කැමරා අධ්‍යක්ෂණය – ලිනී ද කොස්තා කැමරා සහාය – එච්. සී. මාටින් සංස්කරණය – එල්මෝ හැලිඩේ සහාය ජේ. ඒ. විල්ෆ‍්‍රඩ් පෙරේරා සටන් අධ්‍යක්ෂණය – ආනන්දන් සහ කණ්ඩායම නැටුම් අධ්‍යක්ෂණය – කමල් දිසානායක ශබ්ද පරිපාලනය – ඊ. ඩී. සෙන්ට් ජෝන් ශබ්ද සහාය – ලයනල් ගුණරත්න, එම්.ඒ. ඒබ්‍රහම්, ඒ. සී. එම්. රියාස් රසායනාගාර කටයුතු - ඒ. අයි. ජොහාර්

සැකසුම හා දෙබස් පටිගත කිරීම – ලංකා චිත්‍රාගාරය ගීත පටිගත කිරීම – රංජිත් ද සිල්වා, ජෝර්ජ් මනතුංග (සරසවි චිත්‍රාගාරය) රසායානාගාර සහාය – මයිකල් පොන්නයියා, කමල්ඩීන්, වේලායුධන්, රොමියෙල් සිල්වා, සමරවීර සිල්වා විදුලි කාර්මික සහාය – ඩී. සිරිසේන පෙරේරා, ඩබ්. පියසේන ගුණසේකර, ඊ. ජෝශප් නිෂ්පාදන අධිකාරි – ඒ. රඝුනාදන්

සංගීත අධ්‍යක්ෂණය - ෂාන් (එස්. ෂන්මුගම්)

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, හේමසිරි හල්පිට, අජන්තා රණසිංහ

නිශ්චල ඡායාරූප – මයිකල් වික්ටෝරියා

ගීත - ශිරාණි මං ආදරෙයි – මිල්ටන් මල්ලවආරච්චි මා හද මල් මඩුල්ලේ - ඇනස්ලි මාලේවන, චන්ද්‍රිකා ඩී. අල්විස්

සංසාරේ සෙව්වා පුරා - මිල්ටන් මල්ලවආරච්චි, ඉන්ද්‍රාණි පෙරේරා පෙරකදෝරුකම ලැබිලා ඇවිල්ලා - නිහාල් නෙල්සන්

රංගනය - ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, වීණා ජයකොඩි, බොනිපස් ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර, විමල් කුමාර් ද කොස්තා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝමරත්න එදිරිසිංහ, රීටා රත්නනායක, චන්ද්‍රා කළුආරච්චි, ක්‍රිශාන්ති ප්‍රනාන්දු, පුෂ්ප කාන්ති අක්මීමන, නීලකන්ඩන් මුත්තයියා.

වැල්ලේ තැනූ මාලිගා

තිරගත වූ දිනය – 1984 ජනවාරි 27

ඉදිරිපත් කිරීම – පී. බී. එන්ටර්ටේන්මන්ට්ස්

නිෂ්පාදන මණ්ඩලය - ග්‍රෙගරි ප්‍රනාන්දු, ෂර්ලි පී. විජේරත්න, මොරිස් පෙරේරා, නෙල්සන් පෙරේරා, රෙජිනෝල්ඩ් පෙරේරා, වික්ටර් පෙරේරා

අධ්‍යක්ෂණය - ෂර්ලි පී. විජේරත්න කතා තේමාව – හරිස්චන්ද්‍ර වීරසිංහ කතාව - සුමතිපාල - ජෝතිපාල (සිත්තර පුවත්පතේ පළ වූ චිත්‍ර කතාව ඇසුරිනි)

දෙබස් සහ තිර නාටකය - හරිස්චන්ද්‍ර වීරසිංහ

සහාය අධ්‍යක්ෂණය – හරිස්චන්ද්‍ර වීරසිංහ, රොඩ්නි විදානපතිරණ කැමරා අධ්‍යක්ෂණය - ඩොනල් කරුණාරත්න සංස්කරණය – සෙක්ස්ටස් අපෝන්සු

අංග රචනය – ඩී. ඩී. ඇන්ටනි කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් රසායනාගාර පාලක – වී. සිවදාසන්

දෙබස් පටිගත කරීම, පිටපත් මුද්‍රණය හා සැකසුම – විජය චිත්‍රාගාරය ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග සම්බන්ධීකරණය – රොඩ්නි විදානපතිරණ

ධාවන කාලය – පැය 2 විනාඩි 20 / දිග අඩි 11000

නාමාවලිය - සුමතිපාල / ජෝතිපාල

නිෂ්පාදන කළමනාකරණය – කැෂියන් පී. විජේරත්න

නිෂ්පාදන කත්‍යාධිකාරි - මොරිස් පෙරේරා

නිශ්චල ඡායාරූප – නලින් කන්නන්ගර

සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ

ගීත - ඈත දියඹේ නැඟී වේදනාරළ බිඳේ – අයිවෝ ඩෙනිස් / ටී. එම්. ජයරත්න / මාලිනී බුලත්සිංහල

ඈත දියඹෙ නැඟි වේදනා රළ බිඳේ – මාලිනී බුලත්සිංහල රංගනය – විජය කුමාරතුංග (ක්‍රිස්ටීපර්), මාලිනී ෆොන්සේකා (ඉසබෙල්), විමල් කුමාර් ද කොස්තා (ඇල්බට් මුදලාලි), අමරසිරි කලංසූරිය (සිරිල්), රූබි ද මෙල් (කතරිනා), මහේෂා වීරසිංහ (හෙලේනා), ඩී. අර්. නානායක්කාර (මාටින්), මියුරි සමරසිංහ (සිරිල්ගේ මව), වින්සන්ට් වාස් (පේදුරු), බන්දු සමරසිංහ (ඇන්ටා), පැට්‍රික් ජයමාන්න, ලයනල් සිල්වා (ජුවන්), ලැම්බට් තන්තිරිමුදලි (පල්ලියේ ස්වාමි), නෙල්සන් පෙරේරා (කොළඹ මුදලාලි), ක්‍රිස්ටි ද මෙල්, කාන්ති ලංකා, වික්ටර් පෙරේරා, නෝබට් සිල්වා, ගිහාන් සෙනෙවිරත්න, නිමල් ලක්ෂපතිආරච්චි, නලින් කන්නන්ගර

මාල ගිරවි

තිරගත දිනය – 1984 පෙබරවාරි 03

ඉදිරිපත් කිරීම - ප්‍රේම් ජයන්ත් චිත්‍රපට

නිෂ්පාදනය - ප්‍රේම් ජයන්ත් නිෂ්පාදන කළමනාකරණය, නිෂ්චල ඡායාරූප – තිලක් වේහැල්ල කතාව, දෙබස් සහ තිර නාටකය – ආනන්ද එස්. විජේසිරි කැමරාකරණය – එම්. වී. සිවසුබ්‍රමනියම් සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ් අංග රචනය - කේ. සුබ්බයියා

සටන් අධ්‍යක්ෂණය – විල්සන් කරණාරත්න නැටුම් අධ්‍යක්ෂණය - සිරිල් අමරසිංහ ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් රසායානාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු

සැකසුම – විජය චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය – විශාරද ගුණදාස කපුගේ ගී ප්‍රදන්ධය – ආනන්ද එස්. විජේසිරි, ලූෂන් බුලත්සිංහල, සිරිපාල රදම්පලගමගේ ගීත - මේ සොඳුරු සීතා කුමරි ඔබේ – ලතා වල්පොල, මර්වින් පෙරේරා (පද – ආනන්ද එස්. විජේසිරි) උදා වුණා රණ තිසර – වික්ටර රත්නායක, ලතා වල්පොල – පද ලූෂන් බුලත්සිංහල රෑන අතහැර පේලි බිඳගෙන – විශාරද ගුණදාස කපුගේ, මර්වින් පෙරේරා දස මාසේ උරේ කත්වා - ලතා වල්පොල – පද සිරිපාල රදම්පලගමගේ වීණාවේ තත් හඬවා - පුෂ්පා ශ්‍රී රාජසූරිය – පද ආනන්ද එස්. විජේසිරි

රංගනය - සනත් ගුණතිලක, ජගත් රොහාන් පෙරේරා, මර්වින් ජයතුංග, ෆරිනාලායි, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න, ශාන්ති ලේඛා, ජෙනිටා සමරවීර, සෙනරත් මාපිටිගම, හියුගෝ ප්‍රනාන්දු, දොන් සිරිසේන, දේවිකා කරුණාරත්න, ශ්‍රීනාත් බස්නායක, මහේෂ් ජයසිංහ, බී. ඇස්. පෙරේරා