වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සාමයේ සිංහයෝ රූ ගැන්වීම් නිමයි

සාමයේ සිංහයෝ රූ ගැන්වීම් නිමයි

මාක් සැම්සන් අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය සාමයේ සිංහයෝ හී රූගත කිරීම් පසුගියදා නිම විය. එය මේ දිනවල සංස්කරණය කෙරෙමින් පවතියි.

ශ්‍රී මාක් ෆිල්ම්ස් නිෂ්පාදනයක් වන මෙහි අර්ජුන කමලනාත්, අනූෂා දමයන්ති, වසන්ත කුමාරවිල, මාක් සැම්සන්, සඳුන් විජේසිරි, කීර්ති බණ්ඩාර, මෙලනි අශෝකා, අජිත් කොටුවිල, කපිල සිගේරා, සිසිල් ජනකාන්ත, සුගත් රෝහණ, දයා ප්‍රතාප්සිංහ, නිිමල් වන්නිආරච්චි, දයාසිරි හෙට්ටිආරච්චි, වී. ඩී. කොඩිකාර, වසන්ත ලක්ෂ්මන්, ගාමිණී කුරුප්පු, සබීතා සඳුනි, සුමති රසාරා, කුමුතු නිසල්, දිනේෂ් මධුවන්ත චරිත රඟනු ලබයි.

නිමල් නාකන්දල සහ ලලිත් වනිගනෙත්ති කැමරා අධ්‍යක්ෂවරුන්ය. චන්දිමා විතානගේ ගේ අංග රචනයකි. අනූෂ සංජීව ජයවර්ධන අංග රචනයෙන් දායක වී ඇත.

මනෝජ් නිශාන්ත සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සුගත් රෝහණ සහ වසන්ත ලක්ෂ්මන් කලා අධ්‍යක්ෂණයෙන් ද, සිසිල් ජනකාන්ත නිෂ්පාදන කළමනාකරණයෙන් ද සාමයේ සිංහයෝ සඳහා දායක වී ඇත.