වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




TOP TEN CHART FROM HOLLYWOOD

TOP TEN CHART FROM HOLLYWOOD

ෆ්‍රෝසන් මුලට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහයේ මෙම සතියේ අංක එකට පැමිණ සිටින්නේ හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Frozen චිත්‍රපටය යි. ක්‍රිස් බ්‍යුක් සහ ජෙනිෆර් ලී අධ්‍යක්ෂණය කළ මෙය පසුගිය නොවැම්බර් 27 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කෙරිණි. සති අන්තය වනවිටදී ජ්පධලඥද ඩොලර් මිලියන 31.6ක ආදායමක් වාර්තා කිරීමට සමත් විය.

සති දෙකක් පුරා අංක එකේ සිටි The Hunger Games චිත්‍රපට මාලාවේ දෙවැන්න වන Catching Fire චිත්‍රපටයට මෙවර හිමිවී ඇත්තේ දෙවැනි ස්ථානය යි. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 26.2ක්. පසුගිය දෙසැම්බර් 06 වැනිදා අමෙරිකාවේ තිර ගතවීම ආරම්භ කළ Out of The Furnace චිත්‍රපටයට හිමිවී ඇත්තේ තෙවැනි ස්ථානය යි. ස්කොට් කූපර් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙහි ක්‍රිස්ටීන් බැලේ, කේසි ඇෆ්ලෙක්, සෝ සල්ඩානා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. පළමු සති අන්තයේදී එය ඩොලර් මිලියන 5.22ක ආදායමක් වාර්තා කළේය.

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ පස්වැනි සතිය ගත කරන Thor : The Dark World චිත්‍රපටය සිව්වැනි ස්ථානයේ රැඳී සිටින චිත්‍රපටය යි. මෙම සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 4.81ක්. බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ තෙවැනි සතියේ පසුවන කේන් ස්කොට් අධ්‍යක්ෂණය කළ Delivery Man චිත්‍රපටය පස්වැනි ස්ථානයේ පසු වේ. සති අන්තයේදී එය වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 3.74කි. හාස්‍යමය චිත්‍රපටයක් වන මෙහි වින්ස් වෝග්න්, ක්‍රිස් ප්‍රැට්, කෝබි ස්මුල්ඩර්ස් අතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ග්‍රේ ෆ්ලෙඩර් අධ්‍යක්ෂණය කළ Homefront චිත්‍රපටය හයවැනි ස්ථානයට පැමිණෙන විටදී බ්‍රයන් පර්සිවෙල් අධ්‍යක්ෂණය කළ The Book Thief හත්වැනි ස්ථානයට පැමිණ තිබේ. හාස්‍යමය කතාපුවතක් රැගෙන එන The Best Man Holiday චිත්‍රපටය අටවැනි ස්ථානයේ රැඳී සිටින අතර ස්ටෙෆන් ෆ්‍රයාර්ස් අධ්‍යක්ෂණය කළ  Philomena නවවැනි ස්ථානයේ රැඳී සිටියි.

පසුගිය සතියේ අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරෙන් ඉවත්ව සිටි Dallas Buyers Club චිත්‍රපටය යළිත් දසවැනි ස්ථානයට පැමිණීමට සමත්ව ඇති අතර පසුගිය සතියේ නමවැනි සහ දසවැනි ස්ථාන රැක ගනිමින් සිටි Black Nativity සහ Last Vegas  චිත්‍රපට මෙවර පළමු චිත්‍රපට දහයෙන් ඉවතට ගොස් ඇත.