වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




දිනේෂ් ගේ වෙනස

දිනේෂ් ගේ වෙනස

දිනේෂ් පි‍්‍රයසාද් අපේ සිනමා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘ඩබල් ට්‍රබල්’ චිත්‍රපටය පසුගිය කාලයේ දිවයිනේ සිනමාහල් රැසක තරගත වුණා. අද කාලයේ බොහෝ අධ්‍යක්‍ෂවරුන් තම නිර්මාණ එළිදක්වන්න මාධ්‍ය සහයෝගය විශාල වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් බොහොම සුහදව කතා කළත් නිර්මාණය එළිදැක්වූවාට පස්සේ නම් සමහරු සොයා ගන්නත් අමාරු වෙන අවස්ථා තියෙනවා. සමහර අය තවත් අලුත් නිර්මාණයක් සමඟ තමයි මාධ්‍ය හොයාගෙන එන්නේ.

කවදත් මාධ්‍ය සමඟ සුහදව සිටින දිනේෂ්, පසුගිය දවසක තමන්ගේ ෆිල්ම් එකෙන් පසුවත් එයට සහයෝගය දුන් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලන්ටම නැවත තැවතත් සිය ස්තූතිය පළ කළා. අලුත් නිර්මාණයක් කරන කොට විතරක් මාධ්‍ය මතක්වෙන අධ්‍යක්‍ෂවරුන්ට වඩා දිනේෂ් වෙනස් වන්නේ ඒ නිසයි.