වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මායා නොවන ඡායා

මායා නොවන ඡායා

ඩොනල්ඩ් ජයන්ත සම අධ්‍යක්‍ෂණය කරන අලුත්ම චිත්‍රපටය තමයි ‘මායා’. මේ ඡායාරූපයේ දැක්වෙන්නේ එහි ඇතුළත් එක චරිතයක්. ඔහු නමින් මාලන්. මායා තුළදී මාලන්ට සිදුවන්නේ හරිම කරදර. මේ කරදර තමයි ඔහුට එක එක වෙලාවට විවිධ චරිත ආරූඪ වීම. සමහර වෙලාවට කාංචනා නමැති කාන්තාවක් ආරූඩ වන ඔහුට තවත් වෙලාවකට නානගෙ මන්ද බුද්ධික පුතා ආරූඪ වෙනවා. මේ විදියට මාලන් මායා තුළදී විවිධ ස්වරූපයෙන් සිටිනවා. මේ මාලන් ලෙස පෙනී සිටින නළුවා කවුද කියා මේ ඡායාරූපයෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්ද?

ඔහු අපේ කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පියෙක් වන පුබුදු චතුරංග. පුබුදුව මේ විදියට හැඩ ගැන්වූයේ වේශ නිරූපණ ශිල්පී නලින් ප්‍රේමතිලක. ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් ගේ නිෂ්පාදනයක් ලෙසින් ‘මායා’ තුළින් ළඟදීම ඔහු ඔබ හමුවට පැමිණේවි.