වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




දිල්ලි උළෙල මෙවර අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

දිල්ලි උළෙල මෙවර අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

උළෙල ආරම්භයට සිද්ධාර්ථ ගෞතම

දෙවන වරට පවත්වනු ලබන දිල්ලි අන්තර් ජාතික සිනමා උළෙලේ සමාරම්භක චිත්‍රපටය ලෙස සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා සිතුවම තෝරා ගෙන තිබේ.

මෙම මස 21 වැනිදා සිට 28 දක්වා පැවැත්වෙන එහි එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වනු ඇතැයි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිදරව් කළේය..

ලෝකයේ විවිධ රටවල් හි සිනමාපට එකසිය පනහකට අධික ප්‍රමාණයක් මෙම සිනමා උළෙලට ඇතුළත්ය.

දිල්ලි සිනමා උළෙල මෙරටින් නියෝජනය කරන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටය ආචාර්ය නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයකි.