වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මැණිකෙ කෑම උයනවා

මැණිකෙ කෑම උයනවා

පද්මසිරි කොඩිකාරගේ ‘කෝරලේ මහත්තයා’ ටෙලි නාට්‍යය මේ දවස්වල ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගත් ටෙලි නාට්‍යයක්. ඒ වගේම කෝරලේ මහත්තයා ගේ මැණිකේ විදියට රංගනයෙන් දායකවන ශි‍්‍රයාණි මහවත්තටත් ලැබෙන්නේ ඒ වගේම ඉහළ ප්‍රතිචාරයක්. ශි‍්‍රයාණි කෝරලේ මහත්තයා සමඟින් ඔබේ ආලින්දයට පැමිණියත් මේ දවස්වල වෙන කිසිම දෙයකට මූලිකත්වය දෙන්නේ නැහැ කියලා ආරංචි වුණා.

තවත් මාසයක් විතර යනකල් නිර්මාණ කටයුතුවලටත් දායක වෙන්නේ නැහැ කියලයි අරංචි වුණේ. ශි‍්‍රයාණිට මොකද වුණේ? මේක අපට ප්‍රශ්නයක් වුණා. හොයලා බැලුවාමයි දැන ගත්තේ. ශි‍්‍රයාණිගෙ පුතා ළඟදීම ලංකාවට එනවාලු. රට ඉඳලා එන පුතා වෙනුවෙන් කෑම බීම හදන්නයි, පුතා වෙනුවෙන් කාලය වෙන් කරන්නයි ඕන නිසයි ඇය මේ දවස්වල කිසිම වැඩක් භාර නොගන්නේ.