වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ වයින්, මාර චූන්

හොඳ වයින්, මාර චූන්

මහේන්ද්‍ර පෙරේරා කියන්නේ වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයෙනුත් අපේ කලාවට සුවිශේෂ දායකත්වයක් ලබා දුන්, ලබා දෙන රංගන ශිල්පියෙක්. ඒ වගේම මධුවිතත් සමඟ කිට්ටු සම්බන්ධයක් තිබූ රංගන ශිල්පියෙක් ලෙසත් මහේන්ද්‍ර ක්ෂේත්‍රයේ ප්‍රකටයි. මේ වනවිට මහේන්ද්‍ර මත්පැන් පානය නතර කරලාලු. ඔහු නම් කියන්නේ ‘දැන් බිව්වා ඇති. ලබන ආත්මෙටත් එක්ක බීලා තියෙන්නේ. ඒ නිසා මත්පැන් පානය නතර කරන්න තීරණය කළා’ කියලයි.

මත්පැන් පානය නතර කළා කිව්වට පි‍්‍රය සම්භාෂණයකට එහෙම සහභාගිවන අවස්ථාවට මහේන්ද්‍ර වයින් චුට්ටක් නම් පානය කරනවා. දැන් මහේන්ද්‍ර ගේ පි‍්‍රයතම පානය බවට පත්වෙලා තියෙන්නෙත් රතු වයින්. දවසක් කලා හිතවතුන් පිරිසක් සමඟ පි‍්‍රය සම්භාෂණයකදි මහේන්ද්‍ර රතු වයින් ටිකක් තොල ගාන විට මිතුරෙක් ඔහුට යමක් සිහි කළා. ‘වයින් බොනකොටත් මත් වෙනවා මචං’ මිතුරා මහේන්ද්‍රට පැවසුවා.

 ‘ඒ වුණාට වයින් බිව්වාම මාර චූන් එකක් තියෙනවා’ මහේන්ද්‍ර ඇඟට පතට නොදැනී මිතුරාට පැවසුවා. කොහොම හරි දැන් උත්සව අවස්ථාවන් හිදී මහේන්ද්‍රට ආරාධනා කරන සමහර හිතවතුන් ඔහු වෙනුවෙන් වයින් බෝතලයක් තියන්නත් පුරුදු වෙලා කියලා ආරංචියි.