වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




රොම්ලස්ට ගුවන් විදුලියෙන් උපහාර

රොම්ලස්ට ගුවන් විදුලියෙන් උපහාර

ගායන ශිල්පී රොම්ලස් පෙරේරාගේ සංගීත ජීවිතයට වසර පණහක් නිමිත්තෙන් විශේෂ උපහාර සංයුක්ත තැටිය ‘පැතුම් සමුදුරේ’ මෙම මස 18 වැනිදා ගුවන් විදුලි සංස්ථාවේදී එළිදැක්වේ. මෙයට සමගාමීව ලලිත් ප්‍රියංකර විසින් රචනා කරන ලද ඔහුගේ ගීත සහ ඡායාරූප මෙන්ම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් එදිනම දොරට වඩිනු ඇත.

ඇයි නාවෙ මා සොයලා, රුහුණු කතරගම කඳ දෙව් ස්වාමිනේ, නිල් ජලේ යමුනා සමීරේ රොම්ලස් ගැයූ ජනප්‍රිය ගීත අතර වේ.