වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




කත්‍රිනාගේ මංගල්ලෙට කරීනා නටනවාලු

කත්‍රිනාගේ මංගල්ලෙට කරීනා නටනවාලු

මෙවර ‘කොෆී විත් කරන්’ වැඩ සටහන වෙනදාටත් වඩා ආකර්ෂණීය වූයේ බොලිවුඩයේ සුපිරි තාරකාවන් යුග්මයකින් එය ප්‍රභාමත් වූ නිසයි. කත්‍රිනා සහ කරීනා මේ දෙදෙනායි. බ්‍රිතාන්‍යයේ සතිපතා පුවත්පතක් වන ‘ඊස්ටන් අයි’ මඟින් කළ සමීක්ෂණයෙන් යළිත් වරක් ආසියාවේ සරාගී තාරකාව වී (2013 වසරේ) සිටින්නේ කත්‍රිනා කායිෆ්ය.

කත්‍රිනා එය එතරම් වැදගත් දෙයක් හැටියට නොසලකන්නීය. ‘මං මා ගැන එහෙම හිතන්නේ නැහැ’ කියා ඇය පවසා ඇත්තේ සිනාසෙමිනි. මෙහි දී කරීනා රන්බීර්ගේ මංගල්‍යයේදී කත්‍රිනාගේ ‘ශීලා කි ජවානි’ සහ ‘චික්නි චමේලි’ ගීවලට නර්තනයේ යෙදෙන බව පැවසුවාය. ඊට පිළිතුරු දෙමින් කත්‍රිනා පවසා ඇත්තේ මා කවදා කවුරුන් සමඟ විවාහ වුණත් කරීනා තම මංගල්‍යයේදී නර්තනයක යෙදෙනවාට කැමැති බවයි.

කත්‍රිනාගේ නැගණිය ඉසබෙලා ද රංගනයට පා තබා සිටින්නීය. ඇයගේ කුලුඳුල් රංගනය දකින්න ලැබෙන්නේ ‘ඩොක්ටර් කැබී’ හොලිවුඩ් සිනමාපටයේයි. නැගණිය බොලිවුඩ් රංගනයට පිවිසෙනවා නම් ඊට පෙර අනිවාර්යයෙන්ම හින්දි උගත යුතු බව කත්‍රිනා පවසන්නීය.