වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනී එන්න මල් පිපී ඇත බලන්න

මාලිනී එන්න මල් පිපී ඇත බලන්න

අප නිළි රැජන මාලිනී ෆොන්සේකා නමින් බාඳුරා මලක් නම් කෙරේ. බොර්නියෝ එක්සෝටික්ස් ආයතනය මඟින් එසේ නම් කරන ලද බාඳුරා මල නෙපෙන්තස් මාලිනී නම් වෙයි. මෙම විශේෂ කාර්යය සිදු කරන ලද්දේ මාලිනී හෙළ සිනමාවට කරන ලද අනුපමේය මෙහෙවර සහ ඇගේ සිනමා දිවියට පණස් වසරක් සපිරීම නිමිති කර ගනිමින් ජන කලා කේන්ද්‍රයේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සමගාමීව පැවති වෙළෙද ප්‍රදර්ශනයේදීය.

නෙපන්තස් මාලිනී ලොවට හඳුන්වා දුන් නවතම බාඳුරා විශේෂය වන අතර එය මින් ඉදිරියට ලෝකයේ කොහේ හෝ අභිජනනය කළ ද එනමින් නම් කළ යුතුª බව බොර්නියෝ එක්සොටික්ස් ආයතනයේ නිර්මාතෘ රොබට් කැන්ටිලේ පැවසීය.