වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




රන්බීර්ගේ ලකුණු කැපේ

රන්බීර්ගේ ලකුණු කැපේ

යෞවනියන්ගේ සිහින කුමරුගෙන් වරින් වර ඉස්මතු වන දඩබ්බරකම් නිසා රන්බීර් කපූර්ට ඇති ආදර ලකුණු එකින් එක කැපී යනවා නම් නිසැකයි. පසුගිය ඉරිදා රාත්‍රියේ ඔහු විද්‍යුත් නාළිකාවක වාර්තාකාරියකගේ කැමරාව උදුරාගෙන ඇයට හොඳින්ම බැණ වැදී තිබේ.

ඇය දිල්ලි කාර්යාලයට ඒ ගැන දැනුම් දී නැත්තේ රැකියාව අහිමි වේවියි යන බිය නිසයි. මේ දබරය සිදුවන අවස්ථාවේ රන්බීර් සමඟ චිත්‍රපට නිෂ්පාදක ආයන් මුඛර්ජි ද සිටියහ. කාරය පදවා ඇත්තේ ඔහුයි. සිදුවීම සම්බන්ධ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට ද මුදා හැර අවසන්ය.

මේ සිද්ධියේ රසවත්ම කරුණ නම් නාළිකාවේ වාහනය පැමිණෙන විට හැකි නම් තම වාහනය සමඟ ධාවන තරගයක යෙදෙන ලෙසට රන්බීර් අභියෝග කිරීමයි.