වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




සිරි දළදාගමනය විශේෂ දැක්මක්

සිරි දළදාගමනය විශේෂ දැක්මක්

සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ සිරි දළදාගමනය සිනමා සිතුවමේ මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දැක්මක් පසුගියදා සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණ. අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, බන්දුල ගුණවර්ධන, ජීවන් කුමාරණතුංග යන මහත්වරුන් ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි විය.

සිරි දළදාගමනය ඊ. ඒ. පී. චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ, පූජ්‍ය ශාස්ත්‍රපති අකරවිට සංඝානන්ද හිමියන්ගේ නිෂ්පාදනයකි. නිහාල් සංජය ගේ නිෂ්පාදන කළමනාකරණයකි.