වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා




මචං අක්කේ

මචං අක්කේ

රංගන ශිල්පිනී දුලීකා මාරපන ඇයගේ හිතවතෙක් සමඟ සුහද කතාබහක යෙදිලා හිටියා. ඒ කලා කටයුත්තක් අතරතුර ලැබුණු විවේකයකදී. මේ දෙන්නා ආගිය තොරතුරු කතා කරමින් සිටින අතරතුරේදී එතනට ආවේ තවත් හිතවත් කලා කරුවෙක්. ඒ තමයි සංඛ දිනෙත්. කලබලයෙන් වගේ එතනට පැමිණි සංඛ ‘ආ....කොහොමද මචං’ කියලා දුලීකාට අතට අත දුන්නා. ‘මේ මොකද මල්ලියේ මට මචං කියන්නේ’ කියලා තරමක් කලබල වූ දුලීකා සංඛගෙන් ඇහුවා. සංඛටත් හිතා ගන්න බැරි වුණා. ‘කලබලේට වැරදුණා අක්කේ. අනේ සොරි. මෙයා මගෙත් හිතවතෙක්. මෙයා දිහා බලාගෙන ඔයා එක්ක කතා කරන කොට තමයි මචං කියවුණේ. අර හිතවතා පෙන්වමින් සිදුවුණු වැරැද්ද සංඛ වහාම නිවැරදි කළා.