වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




ආත්ම වර්ෂා 28 සිට...

ආත්ම වර්ෂා 28 සිට...

කුසුම් චන්ද්‍ර ගමගේ ගේ අටවැනි සිනමා අධ්‍යක්‍ෂණය ‘ආත්ම වර්ෂා’ මෙම මස අග දී එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වීමට නියමිතය.

රෝබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, ලාල් වීරසිංහ, චන්දි රසිකා, අනුෂා දමයන්ති, සරත් දික්කුඹුර, සුරේනි සෙනරත්, මියුරි සමරසිංහ, සරත් සිල්වා ආදීහු මෙහි චරිත මවති. ‘ආත්ම වර්ෂා’ කැමැරාකරණය නිමල් නාකලන්ද ගෙනි. එම්. එස්. අලිමාන් සංස්කරණ ශිල්පියාය. ‘ආත්ම වර්ෂා’ එම්. සහීම්ගේ නිෂ්පාදනයක්වේ. ජය ශක්ති, ඉන්ස්පෙක්ටර් ගීතා, විජයග්‍රහණය, මුතු සලඹ කුසුම් චන්ද්‍ර ගමගේ මුලින් නිර්මාණය කළ චිත්‍රපට අතර වේ.