|
තාරුණ්‍යයේ සිනමා අස්වැන්න තරුණ සේවා සභාව නෙළති
ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ඒකකය සහ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ 3rd Sri Lanka Youth Cirematic Harvest ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ සිනමා අස්වැන්න කෙටි සහ වාර්තා චිත්‍රපට තරගාවලියෙහි අවසාන වටය සඳහා තෝරා ගත් නිර්මාණ ප්‍රදර්ශනය පසුගියදා සිදු විය. එහි සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් 09 වැනිදා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මේ සඳහා කෙටි සහ වාර්තා චිත්‍රපට 200 ක් පමණ ඉදිරිපත් කොට තිබූ අතර අවසන් වටය සඳහා කෙටි චිත්‍රපට 16 ක් සහ වාර්තා චිත්‍රපට 07 තේරී තිබිණ.
ප්‍රථම ස්ථානය - අජන්ත විජේවර්ධනගේ එහෙම නොවුණු එහෙම දෙන්නෙක් දෙවන ස්ථානය - දුලිත රත්නප්‍රියගේ හෘද සාක්ෂිය තෙවන ස්ථානය -ජීවන්ත බටගල්ලේගෙදරගේ වම දකුණ උතුර කුසලතා සම්මාන ආර්. ඩී. ටී. ඩී. රණපුරගේ ක්නොක් ඩබ්ලිව්. එස්. ඒ. එල්. බණ්ඩාර සේනානායකගේ වේ ඉන් හැපන්ස් අජන්ත විජේවර්ධනගේ මිලියනාරේ එම්. ජී. යූ. ප්‍රියන්තගේ අයි ලව් යූ ඩැඩි වාර්තා චිත්‍රපට අංශය සඳහා වූ ජූරියේ සම්මාන රාජ් විජේසිංහගේ ටියර්ස් එෆ් ද ඩස්ට් එන්. බී. සී. ආර්. බණ්ඩාරගේ පොට්‍රෙ එම්. එස්. එන්. සියානාගේ අතේ ඇදෙන හිතේරාට එම අංශයේ කුසලතා සම්මාන කසුන් චමින්ද හේවා ගමගේ ගේ මහාරාවණ ක්‍රිෂාන් කොඩිතුවක්කුගේ ඩෙල් වින්ගි ෆෝචූන් රාජිත චතුර්ක රත්නසිරිගේ බිහයින් ද සිල්ව ස්ක්‍රීන් සුසන්ත ගුණවර්ධනගේ කුඩාගම මෙම සම්මාන උළෙල සඳහා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිලන්ති සුගතදාස, අතිරේක ලේකම් කේ. ඒ එස්. කීරගල, සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පුහුණු) රෝෂිනී රත්නායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) මනුල චමල් පෙරේරා සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ සභාපති සසිත ලක්මල් යන මහත්ම මහත්මීන් සහභාගි වූහ. |