|
‘උසාවිය නිහඬයි’අන්තර් ජාතික මංගල දැක්ම රුසියාවේදී
මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් පාදක කොට ගනිමින් ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද චිත්‍රපට 'උසාවිය නිහඬයි' මෙම මස 21 සිට 27 දක්වා රුසියාවේ පැවැත්වෙන පස්වැනි සකාලින් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී එහි ජාත්‍යන්තර මංගල දැක්ම පැවැත්වීමට නියමිතය. ප්‍රසන්නගේ ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය ද 2013 වසරේදී මෙම උළෙලේදීම විචාරක සම්මානය දිනා ගන්නා ලදී. පුවත්පත් කතුවරයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු නීතිය ඉදිරියේ සමාජ සාධාරණත්වය ඉටු කර ගැනීිමට ගෙන ගිය අරගලයක් මෙම වාර්තා චිත්‍රපටයෙන් නිරූපණය වේ. එච්. ඩී. ප්‍රේමසිරි සමඟ ප්‍රසන්න විතානගේ නිෂ්පාදනය කරන ලද උසාවිය නිහඬයි චිත්‍රපටය එම්. ඩී. මහින්දපාලගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, තපස් නායකගේ ශබ්ද පරිපාලනයෙන් ද, කේ. සංගීත නිර්මාණයෙන් ද, ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද සම්මාදම් වී ඇත. එම්. ඩී. මහින්දපාල, දමින්ද මඩවල සහ වින්දන ආරියවංශ විධායක නිෂ්පාදනයෙන් එක් වී ඇත.
රාජ් පෙරේරා මියයයි
ගඟ අද්දර, යහළු යෙහළි, වෛශ්නාවි, ආදර කතාව ඇතුළු දෙස් විදෙස් චිත්‍රපට රාශියකට රාජ් නිෂ්පාදන කළමනාකරණයෙන් දායක විය. ‘බොම්බෙ වෙල්වට්’ රාජ් අවසන් වතාවට දායක වූ චිත්‍රපටයයි. ක්ෂේත්‍රයේ කොයි කාගේත් ළබැඳි මිතුරෙකු වූ හෙතෙම දක්ෂ නිහතමානී කලාකරුවකු ලෙසටද ප්‍රකටය.
පිළිකා රෝහලේ දරු දැරියන්ට සත්කාරයක්මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ට තෑගි මල්ලක් ලබා දී ඔවුන්ගේ මනස සුවපත් කිරීම සඳහා සංගීත වැඩසටහනක් පැවැත්වීමට පන්නිපිටියේ සමීටෝන් සංගීත අධ්‍යාපන ආයතනය කටයුතු සූදානම් කරගෙන යනු ලබයි. මෙම මස 22 වැනිදා උදෑසන මෙම කටයුත්ත මහරගම පිළිකා රෝහලේ ළමා ඒකකයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට රෝහල් අධිකාරිය ඉඩ පහසුකම් සලසා ඇත. මෙහිදී ප්‍රවීණ සංගීතවේදී, ගායන ශිල්පී නිමල් චන්ද්‍රසිරි ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් සහ සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සිදු කරනු ලැබේ. මෙම කටයුත්ත සඳහා සමීටෝන් සංගීත පාසලේ දරුවන්ගේ සහ මවුපියන්ගේ, හිතවතුන්ගේ දායකත්වය ලැබීමට නියමිතය. |