වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




මහරජ අජාසත් හෙට තිරයට
සුනිල් ටී. ගෙන් වාර්තා පිට වාර්තා

හැටේදී හැත්තෑවක්

මහරජ අජාසත් හෙට තිරයට

මෙරට වැඩිම චිත්‍රපට ගණනක් නිෂ්පාදනය කළ සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැට වැනි සිනමා නිෂ්පාදනය මහරජ අජාසත් හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹේ. මෙම සිනමාපටය එකවර සිනමා ශාලා හැත්තෑවකදී තිරගත වීම සුවිශේෂි වේ. මෙලෙස සිනමාපටයක් මෙවැනි ශාලා ප්‍රමාණයක තිරගත වනුයේ මෙරට ප්‍රථම වතාවටය. සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන් නිම වූ මහරජ අජාසත් හි අජාසත් කුමරු ලෙසට ගයාන් වික්‍රමතිලක රංගනයෙන් දායක වෙති. බිම්බිසාර රජු ලෙස ජීවන් කුමාරතුංග, ඛේමා දේවිය ලෙස සබීතා පෙරේරා, උදයිබද්‍රා ලෙස හෂිනි ගෝනගල, පුන්නා ලෙස ගීතා කාන්ති ජයකොඩි, කපිලානි ලෙස සුනීතා විමලවීර, කාකවල්ලි ලෙස නදීකා ගුණසේකර, බදිරවතී ලෙස මේනකා මධුවන්ති රංගනයේ යෙදෙති. පුරෝහිත ඇතුළු මන්තී‍්‍ර මණ්ඩලයට රෙක්ස් කොඩිප්පිලි, ජී. ආර්. පෙරේරා, රොෂාන් රණවන, ක්ලීටස් මෙන්ඩිස්, රොබින් ප්‍රනාන්දු, සංජය අමරසිංහ, ඥාණාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි, වසන්ත කුමාරවිල ආදීහු පණ පොවති. රහල් බුලත්සිංහල ප්‍රධාන බ්‍රහ්මණ වේ.

ලකී අතාවුද සහාය අධ්‍යක්ෂණයෙන් ද, සමීර මධු කිඳෙල්පිටිය අංග රචනයෙන් ද, හීනටිගල ප්‍රේමදාස කලා අධ්‍යක්ෂණයෙන් ද, සෑම් පෙරේරා කොණ්ඩා සැකසුමෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද අජාසත් සමඟ එක් විය. වසන්ත කුමාරවිලගේ සටන් අධ්‍යක්ෂණයකි. සුනිල් ධර්මසිරි නිෂ්පාදන කෘත්‍යාධිකාරිය, ප්‍රගිත් ධර්මපාල සහ සංජය අමරසිංහගේ නිෂ්පාදන සම්බන්ධීකරණයකි. චන්දන වික්‍රමසිංහ නර්ථන අධ්‍යක්ෂවරයාය. එල්ලාවල මේධානන්ද හිමි, සනත් අබේසේකර සහ සුනිල් ධර්මසිරි ගී පද රචනා කොට ඇත. ගී තනු ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. රංග දසනායකගේ පසුබිම් සංගීතයකි. ඉෂාක් බෙග්, උරේෂා රවිහාරි, අමිල පෙරේරා සහ ශානිකා මධුමාලි ගීත ගායනා කොට ඇත. සුජිත් නිශාන්ත කුමරා අධ්‍යක්ෂවරයාය. ඇඳුම් නිර්මාණය කේෂානි ප්‍රේමදසාගෙනි. සනත් ධර්මසිරි සහ කිංස්ලි පල්ලියගොඩවිතාන සහාය නිෂ්පාදනයෙන් දායක වී තිබේ. ගයාන් බුද්ධික සහ සුනෙත් රසාංග දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය.