වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




ටිකක් ආඩම්බරයි ඒත් මුල මතකයි

ටිකක් ආඩම්බරයි ඒත් මුල මතකයි

අද යම් තැනක ඉන්න නළු නිළියන් බහුතරයකට මුල මතක නැහැ. ඇතැම් අය සෝබනේට මුල අමතක කරනවා. ඒත් නයනා කුමාරි නම් එහෙම නැහැ. ටිකක් ආඩම්බර පාටට හිටියට හිතේ තියෙන කෙළෙහි ගුණය අනිත් අයට සාපේක්ෂව වැඩියි. මොකද දන්නවද එහෙම කියන්නෙ. දන්නවද නයනගෙ මුල් යුගයේ ගුරුවරයෙක් තමයි සුදර්ශියේ හිටපු ලේකම් ඔබිනාමුණි ගාමිණී ද සිල්වා.

මෙරට ශේක්ෂ්පියර් නාට්‍ය කලාව ප්‍රචලිත කිරීමට ද ගාමිණී නිරන්තරයෙන් ක්‍රියා කරනවා. නයනාගේ රංගන ගමන ශක්තිමත් කිරීමට ගාමිණී ලබා දුන් සහාය අපමණයි. මේ හේතුව නිසා නයනා වර්තමානයේදී පවා සුදර්ශියට ගියාම පළමුව යන්නේ ගාමිණීව හමුවන්න.

ඒ වගේම එම දවස්වල තම ගුරුවරයා කෑම කනකම් ඉඳලා තමයි ඇය ආහාර ගන්නේ. නයනා කරන මේ ක්‍රියාව නව පරපුරේ කොයි කාටත් හොඳ ආදර්ශයක්. ගාමිණී නයනට උදව් කළේ නයනා ජනප්‍රිය නැති කාලේ. අද වන විට නයනා ජනප්‍රියත්වයේ හිනි පෙත්තෙහිම ඉන්නවා. එවන් තත්ත්වයකදී වුව ද ඇයට තවමත් මුල මතක තිබීම අගය කළ යුතු කරුණක්.