|
පැසසුම් අඩුයි ඒත්හොඳයි
Despicable Me (ඩිස්පිකබල් මී) චිත්‍රපට ද්විත්වයේ එන විනෝදජනක
Minions
(මිනියන්ස්) චරිත ඔබගේ මතකයෙන් ගිළිහී නොගොස් නැතුවාට සැක නැත. මිනියන්ස් යනු
පෘථිවියේ මනුෂ්‍ය වර්ගයා ඇතිවීමටත් පෙර සිට පැවත ආ ජීවි විශේෂයකි. ඔවුනට නොයෙකුත්
නම් ඇත. එහෙත් ඔවුන්හට එක් පොදු අරමුණක් ඇත. එනම් නරකම ස්වාමියා වෙනුවෙන් සේවය
කිරීමයි. සේවය සැළසීම වෙනුවෙන් ස්වාමියෙකු සොයා ගැනීම පහසු එකකි. න කෙසේ නමුත් ඔවුන් උත්සාහය අත්හරින්නට සූදානම් නැත. එසේම ස්වාමියෙකු නැති මිනියන්ස්වරුන්හට අරමුණක්ද නැත. ඔවුහු අපේක්ෂා භංගත්වයට පත් වූහ. දැඩි වේදනාවට පත් වූහ. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනේ නම් අනිවාර්යයෙන්ම ඔවුන් පෘථිවි තලයෙන් නැති වී යනු ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීම වෙනුවෙන් එක් මිනියන්වරයෙකු වීරත්වයෙන් ඉදිරියට පැමිණේ. ඒ අභිමානවත් මිනියන්වරයා කෙවින් නම් වේ. බඩජහරි ස්ටුවර්ට් සහ බියසුළු බොබ් මේ ගමනේදී කෙවින්ගේ මිතුරන් වූහ. දැන් ඔවුන්ගේ ඒ තීරණාත්මක ගමන ආරම්භ වී ඇත.
පියරේ කොෆින් සහ කයිල් බෝල්ඩාගේ අධ්‍යක්ෂණයෙන්ද ක්‍රිස් මෙලෙඩන්ඩ්‍රි හා ජැනට්
හීලිගේ නිෂ්පාදනයෙන්ද පණ ගැනුණු මිනියන්ස් ති‍්‍රමාණ පරිගණක සජීවකරණ හාසෝයාත්පාදක
පවුලේ චිත්‍රපටය දැන් ලොව පුරා සිනමා රසික ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දිගහැරී ඇත. එය
2010 සහ 2013 වසරවල තිරගත වූ ඩිස්පිකබල් මී චිත්‍රපට මාලාව පාදක ක මිනියන්ස් සිනමා නිර්මාණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 74ක මුදලක් වැය වී ඇති අතර පසුගිය ජුනි 11 වැනිදා සිට තිරගත වූ එය මේ වන විට එමෙන් දොළොස් ගුණයක අති සාර්ථක ආදායමක් වාර්තා කර ගන්නට සමත් වී තිබේ. එපමණක් නොව මේ වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරේ සිව්වැනි ස්ථානයද ඉහළම ආදායම් ලද පරිගණක චිත්‍රපට අතරේ හත් වැනි ස්ථානයද යුනිවර්සල් පික්චර්ස් ඉදිරිපත් කළ චිත්‍රපට අතරේ පස් වැනි ස්ථානයද මිනියන්ස් හට හිමිවී ඇත. මෙය මේ වසරේ නිර්මාණය කෙරුණු ත්‍රිමාණ පරිගණක සජීවකරණ චිත්‍රපට අතරේ විශේෂිත ස්ථානයක් හිමි කර ගන්නට සමත් වී ඇතත් මෙය හා සම්බන්ධ වන ඩිස්පිකබල් මී චිත්‍රපට ද්විත්වය සමඟ සැසඳීමේදි සිටින්නේ තරමත් පිටුපසිනි. ඩිස්පිකබල් මී පළමු සහ දෙවැනි චිත්‍රපට IMDB දර්ශකයේ ලකුණු දහයෙන් 7.7 සහ 7.5ක් ලබා ගන්නා විටදී මිනියන්ස් වාර්තා කළේ 6.7කි. රොටෙන් ටොමැටෝස් හිදි ඩිස්පිකබල් මී පළමු සහ දෙවැනි චිත්‍රපට සියයට 81ක් සහ සියයට 74ක් ලබනවිටදී මිනියන්ස් සියයට 54ක් වාර්තා කර සිටියි. මෙටාක්‍රිටික් දෙස බැලවහොත් එහිදීද ඩිස්පිකබල් මී පළමු සහ දෙවැනි චිත්‍රපට පිළිවෙලින් සියයට 72ක් සහ සියයට 62ක් වාර්තා කර සිටියදී මිනියන්ස්හට වාර්තා කරන්නට හැකි වූයේ, සියයට 56ක් පමණි. ඩිස්පිකබල් මී පළමු සහ දෙවැනි චිත්‍රපටද ‘මිනියන්ස්’ සේම ඉහළ අදායම් වාර්තා තැබූ ජනප්‍රිය සිනමා නිර්මාණ වේ. නමුත් ඉහළ ආදායම් ලද මිනියන්ස්, ඩිස්පිකබල් මී චිත්‍රපට ද්විත්වයට සාපේක්ෂව විචාරක පැසසුම් මඳක් අඩුවෙන් ලද චිත්‍රපටයකි. මිනියන්ස්හි සංගීතයත් එහි එන විනෝදජනක ස්වභාවයත් බොහෝ විචාරකයන් ඇළුම් කරන බව පෙනෙන අතර, තවත් අයෙකුට පෙර චිත්‍රපට දෙකෙහිදීම දුටු මිනියන්ස්වරුන්ගේ විකාර විහිළු එතරම් නැවුම් බවක් නොපෙනෙන බව පැවසේ.
|