|
ඕවර් ගියොත් තමා වැඩ වරදින්නේ‘ආදරේ හිතෙනවා’ මියුසික් වීඩියෝවෙන් ජනප්‍රිය වූ යොවුන් රුවැත්තිය
මහීකා ලියනගේ
මහීකා ලියනගේ. හඳුනා ගනිමු ඇයව. මහීකා, කොහොමද ඉතින්? හොඳයි. මොනවද අලුත් විස්තර?
මගේ වෘත්තිය මෝස්තර කොහොමද ටෙලි රංගන අත්දැකීම? හරිම ෂෝක්. වෙනස්ම දෙයක් විදිහටයි මට දැනුණේ. දෙබස් එහෙම මතක තියාගෙන හොඳට රඟපෑවද? ඔව්. දැන් අවුලක් නැහැ. දැන් අවුලක් නැහැ කියන්නේ ඉස්සර අවුල්ද? නැහැ, නැහැ , ඉස්සරත් අවුල් නැහැ. මහීකා මොඩ්ලිංවලට එන්නේ කොහොමද? ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒ කොහොමද? මගේ යාළුවෙක් තමයි මාව මොඩ්ලිංවලට එක්කගෙන ගියේ. එතකොට ඔබේ අදහසක් තිබුණේ නැද්ද මොඩ්ලිං කරන්න? කොහෙත්ම නැහැ. ගෙදරින් යන්න දුන්නද? අම්මයි තාත්තයි දන්නවා මගේ හැටි. ඒක නිසා බය නැතුව යන්න දුන්නා. ඒ අතරෙ වෙන්න ඇති ඔබට මියුසික් වීඩියෝ හිමිවන්නේ? ඔව්. දමිත්ගේ ‘ආදරේ හිතෙනවා’ ගීතයේ මියුසික් වීඩියෝවෙන් ඔබ හුඟක් ජනප්‍රිය වුණා? මං ඒ වීඩියෝව කරද්දී හුඟක් කෙට්ටුයි. ඒත් මගේ මුහුණ මතක අය මගේ ළඟට ඇවිත් කියනවා අපිට ඔයාව මතකයි, ඒත් කවුද කියන්න හරියට මතක නැහැ කියලා. එතකොට මං හිනාවෙලා නිකම් ඉන්නවා. දමිත්ගේ ඒ සිංදුව හුඟක් ලස්සනයි. ඒ හින්දම ඒක නිතරම ප්ලේ වුණා. ඒකට අමතරව හිත සොරකම් කර, ඔබේ ආදරේ, මල් රේණුවේ ආදී මියුසික් වීඩියෝ රැසකම මං රඟපාලා තියෙනවා. ඔබට මෙගා නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණලු. ඒත් ඇයි ගියේ නැත්තේ? මං ආස නැහැ කලාව හින්දා තරගෙට වැටිලා හැල්මෙ දුවන්න. අවුරුද්දට හොඳ එක නාට්‍යයක් කළොත් මට ඇති. ජනප්‍රියත්වය තකා නොව හොඳ නිර්මාණ වෙනුවෙනුයි මං පෙනී සිටින්නේ. ඔබ හිටි හැටියෙම නිවේදනයෙන් ඉවත් වුණා? එහෙම වුණේ පුද්ගලික කාරණයක් හින්දා. ඒත් දැන් හිතෙනවා ආයෙ නිවේදනයට එන්න. නිවේදිකාවක විදිහට වැඩ කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම් ගැනයි මං ඊළඟට අහන්නේ? මට ඉස්සර එක දිගට වචන කියෝගෙන යන්න හරිම අමාරුයි. හරියට වචන පැටලෙනවා. කල්යද්දී ඒ දුර්වලකම මඟහරවා ගත්තා. එහෙම වචන පැටලි පැටලි නිවේදනයේ යෙදුණ කාලය නම් මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ඔබට කටකතා හැදිලා තියෙනවාද? තවම නැහැ. එහෙම වුණේ වාසනාවට කියලයි මට හිතෙන්නේ. මොඩ්ලිං ෆීල්ඩ් එක කියලා කියන්නේ කටකතා හැදීමේ තෝතැන්නක්? ඒක ඇත්ත. වෘත්තියක් විදිහට හරියට කළොත් කාටවත් කවුරුත් මුකුත් කියන්න එන්නේ නැහැ. ඕවර් ගියොත් තමයි වැඩේ වරදින්නේ. කලාව එපා වෙලා නැද්ද? කලාවේ ඉන්න මිනිස්සු විවිධාකාරයි. අපිට හොඳ මුහුණ පෙන්නගෙන හිත යටින් වෙනත් දේවල් ප්ලෑන් කරනවා. ඒ අය හින්දයි මේ කලා ලොව පිරිහෙන්නේ. මේ දෙස උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න නිසා කලාව එපා කර ගන්නේ නැතුව ඉන්න මට හැකියි. මහීකා හොඳට මිනිස්සුන්ගෙන් බැටකාලා තියෙන කෙනෙක් වගෙයි? මං හරි ආසයි අනිත් අයට උදව් කරන්න. නමුත් එහෙම උදව් ගත්තු අය පෙරලා මට කරන්නේ හිත රිදෙන දේවල්. ඒ වුණත් මගේ හිත හොඳකම අඩු වන්නේ නැහැ. උදව් කරන එකත් අත හරින්නේ නැහැ. ඔබ ලස්සනයි කියලා ඔබ හිතනවාද? ඔව්. මං ලස්සනයි. මට ගොඩක් අය කියනවා ඔයා ලස්සනයි කියලා. එහෙම ලස්සනයි කියන්නේ ලස්සන නිසානේ. ඔබ ලස්සනයි කියන අය කියන්නේ නැද්ද ඔබේ මුහුණ අංජුලා රාජපක්ෂ වගේ කියලා? කියලා තියෙනවා. සමහර අය කියනවා කාංචනා මෙන්ඩිස් වගේ කියලත්. එතකොට මොකද හිතෙන්නේ? කවුරු කොහොම මොන විදිහට හැඳින්වුවත් මම මමමයි. ඒක තමයි කියන්න තියෙන්නේ. ඔබ විවාහකයි’? ඔව්. හස්බන්ඩ් ගැන කියමු? එයා සමීන් විජේසිංහ. මට බබෙක් ඉන්නවා මාස දහයක. බබාගෙ නම කෙවින්. කොහොමද කලා කටයුතුත් එක්ක පවුල් ජීවිතේ ගෙනි යන්නේ? මට හබී ගොඩක් උදව් කරනවා. ඒ හින්ද මට මගේ වැඩ බැලන්ස් කරගන්න පුළුවන්. මහීකට ක්ෂේත්රයේ යාළුවෝ කී දෙනෙක් විතර ඉන්නවාද? වැඩිය නැහැ. මේකෙ ඉන්න අයව විශ්වාස කරන්න අමාරුයි. දෙතුන් දෙනෙක් යාළුවෝ හිටියම හොඳටම ඇති. මහීකාට උදව් කරපු අයට තුති පුදන්න දැන් තමයි වෙලාව? අම්මට තාත්තට, අක්කලා තුන් දෙනාට, ගිම්හානි ලියනගේ, කැළුම් රාජභරණ, ලකී ඇතුළු මට උදව් කළ හැමෝටම. මහීකාගෙ ගෙවල් කොහෙද කියලා අහගන්න බැරි වුණා? මං කෝට්ටේ. එතකොට උපන් දිනය? මැයි 22. ඉගෙන ගත්තු පාසල? කෝට්ටේ ආනන්ද බාලිකාව. ඔබ ගැන කෙටියෙන් හඳුන්වමු? මං හරිම පරිත්‍යාගශීලී කෙනෙක්.
|