|
පුහුණුව වැඩි වෙලා ඇඬුව වගේම ස්ට්‍රෙස් එක අඩු කරගන්න සිනහා වුණා
සුරාජ් මාපා අලුත් ප්‍රසංගය ගැන කියයි
'Suraj Presents Elements නමේ අගට With Surya එකතු වීමේ රහස කුමක්ද? ඒක සිදු වුණේ මෙහෙමයි. මගේ පළමු ප්‍රසංගය 2010 දී 'Suraj Presents Elements නමින් මගේ ලතින් ඇමරිකානු නර්තනයන් පමණක් යොදා ගෙන පැවැත් වූවා. ඒකට මම තේමාව කර ගත්තේ පංච මහා බලවේගයන්. ජලය, ගින්දර, සුළඟ, පොළව හා අවකාශය කියන මහා බලවේග එකතුවෙන් ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණ චලනයන් මම ඊට යොදා ගත්තා. මේ ප්‍රසංගයට මම 'With Surya කියලා එකතු කර ගත්තේ උඩරට නැටුම සූර්යයා තරම්ව බලවත් යන්න අදහස් කරන්න. සූර්යයා කියන්නේ උඩරට නර්තන සම්ප්‍රදායටයි. මුලින්ම අපි සුරාජ්ව හඳුන ගත්තේ විදේශීය නර්තන ශෛලියක් අනුගමනය කරන්නෙක් ලෙස. දැන් ඔබ උඩරට නර්තන ශිල්පියෙකුත් වෙලා? ඔව්. මගේ පළමු නර්තන ප්‍රසංගයෙන් පසුව මම උඩරට නර්තනය හැදෑරුවා. ගිය අවුරුද්්දේ වෙස් බැන්ඳා. ඊට පස්සේ තමයි උඩරට නර්තනය ආශ්‍රයෙන් ප්‍රසංගය කරන්න හිතුවේ. මේ ප්‍රසංගය කිරීමේ ඔබේ අරමුණ වෙන්නේ කුමක්ද? මෙහෙමයි, නර්තන ශිල්පියෙක් වුණාම තමන් කොතනද ඉන්නේ කියලා වටහා ගන්න ඕනේ. ජීවිතේ හැමදාම අපි තරුණ වියේ බලය, ජවය ඇතිව ඉන්නේ නෑනේ. ඉතින් මේ කාලේ ප්‍රසංග කරන්නේ නැතුව වයසට ගියහම ප්‍රසංග කරන්නද? පළමු ප්‍රසංගයට වඩා මේ ප්‍රසංගය සාර්ථක වෙයිද? අනිවාර්යයෙන්ම. මගේ පළමු ප්‍රසංගයේ සියලු වැඩ කළේ මම. ඒ නිසා එහි මම නොදැකපු අඩුපාඩු තිබුණා. මෙවර නිර්මාණකරුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා මේ ප්‍රසංගය කරන නිසා එය අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. මොකද මේ තුළ දක්ෂ නිර්මාණකරුවන්ගේ අදහස්වල, හැකියාවල එකතුවක් තියෙන්නේ. කවුද ඒ නිර්මාණකරුවෝ කිහිප දෙනා? මේ ප්‍රසංගයට අපිට ගුරුහරුකම් ලබා දෙන්නේ කුලසිරි බුදවත්ත ගුරුතුමා. ප්‍රසංගයේ සියලු නර්තන නිර්මාණයන් සිදු කරන්නේ ගයාන් ශ්‍රීමාල්, සංඛ අබේසිංහ, සඳුන් ගෝමස් හා මම. සංගීතය සපයන්නේ ලංකාවේ සිටින දක්ෂ සංගීතවේදියෙකු වන දර්ශන රුවන් දිසානායක. බෙර වාදන කණ්ඩායම වන්නේ 'නාද්‍රෝ'.
ඔව්. මේ දෙදෙනාම ප්‍රසංගයේ මගේ සහකාරියන් ලෙස නර්තනයේ යෙදෙනවා. මොවුන් එහි ප්‍රධාන භුමිකාවක් රඟදක්වනවා. හිමාලි සහ තාරුකාව ඔබේ ප්‍රසංගයට ගළපා ගන්නේ කෙසේද? හිමාලි කියන්නේ ලංකාවේ සිටින දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්. තාරුකා කියන්නේ වර්තමානයේ නැගී එන නිළියක්. කැප කිරීමක් කරන වගකීමක් දරන කෙනෙක්. ප්‍රසංගයේදී අපි චිත්‍රපට ගීතයකට නර්තනයේ යෙදෙනවා. එතනදි තමයි අපි තාරුකාව සම්බන්ධ කර ගන්නේ. හැඟීම් මුසු වූ නර්තනයක් වගේම රංගනයකුත් ඇය අතින් ප්‍රසංගයට ලැබෙනවා. ප්‍රසංගයේදී ඉන්දීය නර්තන අංගයට තමයි හිමාලි සම්බන්ධ වන්නේ. ඇය ඉන්දියාවේ සිටින දක්ෂ නාට්‍යාංගනාවියක් වගේ උරෙනුර ගැටෙමින් නර්තනයේ යෙදෙනවා. මේ දෙදෙනාගෙන් සුරාජ්ට ලැබෙන සහයෝගය මොන වගේද? ලොකු සහයෝගයක් ලැබෙනවා. සමහරු බය වෙනවනේ ප්‍රසංගයක් කරමු කිව්වාම එයාලගේ වැඩත් එක්ක. ඒත් හිමාලිටත් තාරුකාටත් රූපගත කිරීම් තියෙද්දී ඒවාත් පාඩු නොකර තමයි මේ කටයුතුවලට සහභාගී වෙන්නේ. එයාලා එයාලාගේම ප්‍රසංගයක් විදියට හිතාගෙනයි පුහුණුවීම්වල යෙදෙන්නේ. ප්‍රසංගයේ පසුතල නිර්මාණයන් සිදු කරන්නේ කොහොමද? මීට අපි අලුත් තාක්ෂණය භාවිත කරනවා. එල්. සී. ඩී. තිරයේ නර්තන අංගයට අදාලව පසුතලය ගළපනවා. ආරම්භයේ සිට අවසානය දක්වාම චිත්‍රපටයක් නරඹනවා වගේ ප්‍රේක්ෂකයාට ප්‍රසංගය විඳින්න පුළුවන්. දැනට පුහුණුවීම් කටයුතු පටන් අරන් කොච්චර කාලයක්ද? මාස තුනක් විතර ඇති. පුහුණුවීම්වල සොඳුරු මතකයන් නැද්ද? හිනාවෙලා අපේ ස්ට්‍රෙස් එක නැති කරගෙන පුහුණු වෙනවා. පුහුණුවීම් වැඩිකමට කට්ටිය අඬපු වෙලාවලුත් තියෙනවා. ප්‍රසංගයෙන් පස්සේ සුරාජ්ට මොනවා වෙයිද? මොනවා වෙන්නද ඉතිං සුපුරුදු ජීවිතේ තමා. රඟපානවා, නර්තනය කරනවා. ඕවා තමා. රංගනය පැත්තත් කතා කරමු? දැනට ස්වර්ණවාහිනියේ මම රඟපාන 'මුතුවැස්ස' නාට්‍ය විකාශය වෙනවා. රෙජිනෝල්ඩ් ජයමාන්නගේ 'දිය බිංදුව' නාට්‍ය යත්, තුෂාර තෙන්නකොන්ගේ 'කා' ටෙලි නාට්‍යයෙත්, තිෂූල දීප තඹවිටගේ 'මෝසම් සුළඟ' ටෙලි නාට්‍යයේත් රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ප්‍රසංගය යථාර්ථයක් කරගන්න සහාය වුණේ කවුරුන්ද? කුලසිරි බුදවත්ත ගුරුතුමා, අනුග්‍රාහක භවතුන්, මගේ සහෝදර දෙපළ වන චමිල බණ්ඩාර හා දිනේෂ් අමංගොඩ, මගේ මව්පියෝ, යහළුවෝ ඇතුළු ප්‍රසංගයට උරදෙන සියළු දෙනා. මේ වෙනුවෙන් සුරාජ් මුහුණ දුන් අභියෝග තියෙනවාද? තියෙනවා. ලොකුම අභියෝගය වුණේ අනුග්‍රාහකයෝ හොයා ගන්න එක. මේ ප්‍රසංගයේදී ගොඩක් අනුග්‍රාහකයෝ මාව රැවට්ටුවා. මුලදී කැමැතියි කියලා. අවසාන මොහොතේ සහයෝගය දෙන්න බෑ කියනවා. ලංකාවට විදේශිකයෙක් ඇවිත් ප්‍රසංගයක් කළොත් ඕනෑ තරම් අනුග්‍රාහකයෝ ඉන්නවා. ඒත් අපි අමාරුවෙන් යමක් කරන්න උත්සාහ කරද්දී ඊට අත දෙන අනුග්‍රාහකයෝ අඩුයි. ඒ වගේම තමා සමහර වැඩිහිටියන්ගෙන් ද බලාපොරොත්තු වූ තරම් සහයෝගයක් ලැබුණේ නැහැ. මම දන්නේ නෑ මොකක්ද මීට හේතුව කියලා. ඒත් අපි අභියෝග කොහොම හරි ජය ගන්නවා. අවසාන වශයෙන් ප්‍රසංගය තියන තැන, දිනය, වේලාව රසිකයන්ට කියමු? මේ මාසේ 21, 22, 23 දිනවල සවස හතට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී තමයි පැවැත්වෙන්නේ. හැමෝටම ආරාධනා කරනවා අපි සමඟ අත්වැල් බැඳගන්න කියලා.
|