වර්ෂ 2015 ක්වූ අගෝස්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා




හිරු එකෙන් මේක්අප් දාගෙන සිරසෙ වැඩ

හිරු එකෙන් මේක්අප් දාගෙන සිරසෙ වැඩ

ඔය පේෂල ඉන්නවා නේද? මිනිහා හරිම කාර්යබහුලයි. ඇයි ඉතින් එකක් කියලයැ කරන්නේ. වෙලාවකට ගායකයෙක්, තවත් වෙලාවකට නිවේදකයෙක්. ඊට පස්සේ අපි දකිනවා තබ්ලාවට තඩිබානවා. මේ වගේ අංශ ගණනාවක නියැළෙනවනෙ. ඒ හින්දා මිනිහා වැඩසටහන් සඳහා ඒ චැනල් එකට දුවනවා මේ චැනල් එකට දුවනවා. නිවනක් නැහැ. මේ වැඩ අස්සේ පේෂලට තවත් ලයිව් වැඩසටහනකට ආරාධනා ලැබිලා.

වටින් ගොඩින් විස්තර අහගත්තු පේෂල කියපු දිනයට ගියාලු හිරු ටීවී එකට. පේෂල එදා ටිකක් පරක්කු වෙලා. ඒක නිසා කෙළින්ම මේකප් රූම් එකට ගියාලු. එතැන හිටපු මේකප් ආර්ටිස් පුදුමයෙන් පේෂලට මේකප් දැම්මලු. ඊට පස්සේ පේෂල හිරු එකේ ස්ටුඩියෝ එකට ගිහින් වටපිට බලලා. ලයිව් වැඩ සටහනක් තියා එවැන්නක සේයාවත්වත් නැතිලු. බැරිම තැන එහි නිෂ්පාදකට පේෂල කතා කරලා.

උඹට පිස්සුද මචං. හිරු එකේ නෙවෙයි මං කතා කළේ සිරසෙ වැඩසටහනකට. ඉක්මනට වරෙන් දැන් රත්මලානට.

නිෂ්පාදක එහෙම කිව්වම පේෂලට තරු පෙනිලා. දනි පනි ගාලා අර මේකප් එක පිටින්ම සිරසට ගියාලු. ගිහින් ලයිව් වැඩසටහනට එකතු වුණාලු. හිරු එකෙන් මේකප් දාගෙන සිරසෙ වැඩසටහනකට එකතු වුනු කතාව අද වෙනකම් පේෂල රහසක් විදිහට තබාගෙන. ඒත් දැන් ඉතින් හැමෝම දන්නවනේ. වැඩසටහන් නිෂ්පාදකවරුනි, අපේ පේෂල වැඩසටහනකට එද්දී මේකප් දාලද කියලා බලන්න හොඳේ.