|
|
කළු සුදු නම් වර්ණයට වඩා වගකීම් සාහිතයි
රූපවාහිනිය අප හඳුනාගෙන වැඩි කාලයක් ගතව නැතත් නාට්‍ය හා සිනමාව දිගු ඉතිහාසයක් පුරාවට විහිදී ගිය කලා මාධ්‍යයන්ය. මෙකී මාධ්‍යයන් තුළින් බිහි වූ ශිල්පීන් ශිල්පිනියන් මෙතෙකැයි කිව නොහැක. ඔවුන්ගෙන් දීර්ඝ සේවා කාලයක් සපුරා සිටින්නන්ට අප ප්‍රවීණයන් කියා ආමන්ත්‍රණය කරති. ප්‍රවීණ යන පදයෙන් අප හඳුනා ගන්නේ තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයේ දැන උගත් දෙයින් පරිපූර්ණ පැරැණි බවයි. සෑම ශ්‍රවන දෘෂ්‍ය ක්ෂේත්‍රයක මෙබඳු ප්‍රවීණ පැරැණි ශිල්පීන් රැසකි.
ඔබේ වෘත්තීය ගැන මූලික හැඳින්වීමක් කරන්න පුළුවන්ද? මම කරන වෘත්තීය දෙයාකාරයකින් හඳුන්වනවා. මුල් කාලයේ කිව්වේ වේශ නිරූපණය කියා. දැන් දැන් අංග රචනය යනුවෙන් කියනවා. මේ දෙවර්ගයේම අරුත වැරැදි නැහැ. වේශ යනු ස්වරූපය. යම් රංගන ශිල්පියකු රඟපාන චරිතයකට ඔහුගේ ස්වරූපය වෙනස් කිරීම නැතිනම් වෙස් මාරුව වේශ නිරූපණය යනුවෙන් හැඳින්වීම හරියට හරි. අංග රචනයෙන් පැහැදිලි කරන්නෙත් යමකුගේ යම් යම් අංගයන් චරිතයට අනුකූලව හැඩ වැඩ කිරීම. මේ වෘත්තියට අවතීර්ණ වෙන්න තිබිය යුතු සුදුසුකම් මොනවාද? කලා අධ්‍යක්ෂණය, කොණ්ඩා මෝස්තර, මූර්ති හා චිත්‍ර ශිල්පීය හැකියාව වගේම රංගන කුසලතා අල්ප වශයෙන් හෝ තිබීම අංග රචනා ශිල්පය ප්‍රගුණ කිරීමට විශේෂ සුදුසුකම්. මේ නිසා යමෙක් අංග රචනා ශිල්පියකු වෙන්න බලාපොරොත්තුව සිටිනවා නම් ඉහත විෂයන් පිළිබඳ හැදෑරීමක් අනිවාර්යෙන්ම කළ යුතුයි. සහජ හැකියාව පමණක්ම මීට කොහෙත්ම සුදුසුකමක් වෙන්නේ නැහැ. ඔබ අංග රචනා ශිල්පය බැරෑරුම් කාර්යයක් විදියට හඳුන්වා දෙනවාද? ඔව්. වේශ නිරූපණ ශිල්පියා යනු හුදෙක්ම රූපලාවණ්‍ය ශිල්පියකු නොවෙයි. BEAUTICIAN සහ MAKE UP ARTIST අතරේ පැහැදිලි වෙනසක් තිබෙනවා. එවැනි ශිල්පියකුට රූපලාවණ්‍ය ක්‍රමවේදය ගැන පුළුල් අවබෝධයක් තිබීම සුවිශේෂී වන නමුත් අනෙකුත් කලා අංශයන් පිළිබඳව යම් තරමක හරි අවබෝධයක් තිබිය යුතුයි. අනික් කරුණ අංග රචනා ශිල්පියා තරුණියන් හා මනාලියන් හැඩගන්වන සරල ශිල්පියකු නොවන බව අවිවාදයෙන් තොරව කියන්න වුවමනායි. ඔහු වෙස් ගන් වන්නේ යම් නිර්මාණ කාර්යයක චරිත. මේ චරිත නිකම් පියුරු බබ්බු වෙන්න බැහැ. ඔබ පවසන චරිත එක් එක් මාධ්‍ය වෙනුවෙන් වෙස් ගැන්වීම වෙනස්ද?
ඔබ සිතන පරිදි අංග රචනා ශිල්පියකු කාල වකවානු ගැන අවබෝධයෙන් සිටිය යුතුමද? සමාජ කතාවක චරිතවලට වඩා රජ කතාවක චරිත වෙනස්. ඇඳුම් පැලඳුම් අමුතුයි. මේ වෙනස සහිත චරිත නිරූපකයන්ගේ අංග රචනය කරන්න වෙනවා. මීට අමතරව විරූපී පුද්ගලයෙක්, තුවාලකරුවෙක් වගේ විශේෂිත අංග රචනාත් කරන්න අපි සූදානමින් සිටිනවා. නිදසුනක් ලෙස යම් චරිතයක් තරුණ වියෙන් පටන් ගෙන මහලු විය තෙක් විකාශය වෙනවා නම් එහි පියවරෙන් පියවර ශරීරයේ සිදුවන වෙනස්කම් සිදු කිරීම අනිවාර්යයි. ඔබේ කලා දිවිය ඇරැඹුණු හැටි විස්තර කරන්න කැමැතිද? ඉගෙන ගත්තේ බණ්ඩාරගම ලක්ෂ්මී විද්‍යාලයෙන් හා හොරණ විද්‍යාරත්නයෙන්. පාසල් නාට්‍යවල රඟපෑවා. කැලණිය වනවාසල නාට්‍ය වැඩ මුළුවකට එකතුව සිටියා. මෙය මෙහෙය වූයේ ශ්‍රීලාල් අබේකෝන්, කුමාර සිරිවර්ධන, ජයරත්න රූපසිංහ යන අය. නැටුම් අධ්‍යක්ෂ පද්මසිරි ගමගේ නැටුම් මෙහෙය වූ චිත්‍රපට කිහිපයක නැටුම් ජවනිකාවල පෙනී සිටියා. ඔබ වෘත්තීමය අංග රචනා ශිල්පියකු වූයේ කෙසේද? ඔය කාලයේ මට ප්‍රවීණ අංග රචනා ශිල්පි තරංග රුක්මල්වල හඳුනාගන්න ලැබුණා. ඔහු සමඟ වැඩ කරන අතරේම ජයතිලක ඇඹුල්්දෙනිය එක්කත් වැඩ කළා. හැබැයි මගේ ගුරුවරයා ලෙස නමස්කාර පූර්වකව මතක් කරන්නේ තරංග. ඔහු ඒ දවස්වල කාර්යබහුල අංග රචනා ශිල්පියෙක්. මුලින්ම ඔහු යටතේ බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ඒකාංගික ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. මම තනිවම අංග රචනා ශිල්පියා වශයෙන් කටයුතු කළෙත් බර්මින්ගේ මරුවැල ටෙලි නාට්‍යයේ. මෙහි මා කළ අංග රචනය එවකට පැවති සම්මාන උළෙලකට නිර්දේශ වුණා මතකයි. ඔබේ දායකත්වය ලබා දුන් තවත් ටෙලි නාට්‍ය මතකද? බිම්මල්, පහන් කන්ද, රෑනගලවත්ත, මළවුන්ගේ රාත්‍රිය, උකුස්සෝ, පිනි වැස්ස, සැලමුතු සෙනෙහස, අහසින් වැටුණු ගැහැනියක් ඇතුළු ටෙලි නාට්‍ය 90 ක පමණ දැනට අංග රචනය කර තිබෙනවා. මීට අමතරව ජීවිතේ ලස්සනයි, රුවන් මාලිගා, ආදරවන්තයෝ, අපි අපි වගෙයි යන මෙගා නාට්‍යවලත් වැඩ කළා. ඔබ ටෙලි නාට්‍ය රංගනයේ යෙදුණේ නැද්ද? උකුස්සෝ ටෙලි නාට්‍යයේ මාධ්‍යවේදියකුගේ චරිතයක් රඟපෑවා. ඊට පස්සේ බිම්මල් හා පිනි වැස්ස යන ටෙලි නාට්‍යවල චරිත නිරූපණය කළා. දිය හොල්මන නමින් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියා අධ්‍යක්ෂණය කළ පිනි වැස්ස ටෙලි නාට්‍යයේ භික්ෂුවකගේ චරිතය රඟපාන්න හිස පවා මුඩු කළේ මගේ කැමැත්තෙන්ම. ඔබ චිත්‍රපටවලත් අංග රචනා කොට තිබෙනවාද? සුර යහන ගිනිගනී මගේ හාපුරා කියා සිනමා අංග රචනය. ස්ත්‍රී සම ලිංගිකත්වය ගැන කියු මෙය එරංග සේනාරත්නගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. මේ චිත්‍රපටයෙන් පසු මම පුෂ්ප කුමාර බණ්ඩාරගම වීමත් අමතක කරන්න බැහැ. ගිනිගත් මධුසමය, තිසරාවි, සීත රෑ ඇතුළු චිත්‍රපට කිහිපයක අංග රචනා ශිල්පියාත් මම. කුස පබා චිත්‍රපටයේ රාජකීය මංගල උත්සවය වෙනුවෙන් පූජා උමා ශංකර් වෙස් ගැන්නුවෙත් මම. අලුත්ම චිත්‍රපට දෙක නෝනේ මගේ සුදු නෝනේ හා අනාථ දූපත මේ දිනවල පෙන්වනවා. ඇතුවත් බැහැ නැතුවත් බැහැ ළඟදී තිරගතවීමට නියමිතයි. ඇත්තටම ඔබ පුෂ්පකුමාර බණ්ඩාරගම නොවෙයිද? 1965 මාර්තු 22 වැනිදා අම්පාරේදී මා ඉපදුණේ සාරුවලියනගේ පුෂ්ප කුමාර නමින්. සුර යහන ගිනි ගනී චිත්‍රපටයට නාමාවලියේ මගේ නම සඳහන් වුණේ පුෂ්ප කුමාර බණ්ඩාරගම කියා. එදා සිට මම නිකම් පුෂ්ප කුමාර නොවෙයි පුෂ්ප කුමාර බණ්ඩාරගම. ඔබේ ගෝල බාලයන් ගැන සඳහන් කරන්න අකැමැතිද? කිහිප දෙනෙක් ඉන්නවා. ඒක් කෙනෙක් සමීර කිඳෙල්පිටිය. අනික් අය අමිල මිරිස්ස, වාසනා. වරුණි අපෝන්සු කියන්නේ මගේ වැඩිිමහල් සහෝදරයාගේ දුව. මගේ ප්‍රධානම ගෝලයා නැතිනම් සහායකයා ඇයයි. ඇය මා සමඟත්, තනියමත් අංග රචනා කාර්යයේ යෙදෙනවා. මගේ හැකියාව හා නම ඉදිරියට රැගෙන යන එකම ගෝලයා වරුණි පමණයි. අපි දෙන්නා මේ දිනවල රමේෂ් රත්නායකගේ හතේ කණුව නාට්‍යය සමඟ රට පුරා යනවා. ඔබේ පවුලේ තොරතුරු හෙළි කරන්න අසතුටු නැතිව ඇති නේද? ඒවා වසන් කරන්න පුළුවන් තොරතුරු නොවෙයි. මගේ බිරිඳ ප්‍රේමලතා ජයනෙත්ති. පානදුර බාලිකා විද්‍යාලයේ ගුරුවරියක්. දියණියන් දෙදෙනා නිර්මිලා හා මාධවී. මගේ පදිංචිය බණ්ඩාරගම, කනහැලගොඩ, මෛත්‍රී මාවතේ. දුරකථන අංක 038-2288552 හා 077-1138998.
|



වේශ නිරූපණ ශිල්පී පුෂ්ප කුමාර
මොවුන් දෙවිදියකින් හඳුනා ගත යුතුව ඇත. එනම් ජනප්‍රිය ප්‍රවීණයන් හා අප්‍රකට
ප්‍රවීණයන් වශයෙනි. ජනප්‍රිය ප්‍රවීණයන් හඳුනා ගැනීම දුෂ්කර නැත. අප්‍රකට
ප්‍රවීණයන් සොයා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. කෙසේ වෙතත් කලා ලොව අස්සක්
මුල්ලක් නෑර සැරිසරන සරසවිය අද ඔබට හඳුනා දෙන මේ අප්‍රකට ප්‍රවීණයාගේ ප්‍රථම
පුවත්පත් සාකච්ඡාව මෙය වීම අපූර්වත්වයකි. ඔහු නමින් පුෂ්ප කුමාර බණ්ඩාරගම.
වෘත්තියෙන් අංග රචනා ශිල්පියෙකි.
ඇත්තෙන්ම ඔව්. තමන් වෙස් ගන්වන්නේ කුමන මාධ්‍යයක් වෙනුවෙන් ද කියා පැහැදිලිව තෝරා
බේරා ගන්න වෙනවා. වේදිකා නාට්‍යයකදී නම් භාවිත කළ යුතු වෙස් ගැන්වීම් ක්‍රම
අතිශයෝක්තිය දනවන ලෙස කළ හැකියි. දුරට පෙනෙන්නට අවශ්‍ය නිසා පදම ඉක්මවා යාම
සාමාන්‍ය කරුණක්. චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක එසේ විය නොහැකියි. වර්තමානයේ භාවිත කරන
කැමරා කාච තුළින් සමීප රූපයකට ගිය විට ශරීරයේ තිබෙන පුංචිම පුංචි කැළලක් පවා
පැහැදිලිව දිස් වෙන්න පුළුවන්. මේ නිසා ආලේප තැවරීම ඉතාම සියුම් විදියට කරන්න
වෙනවා. විශේෂිත කාරණය චිත්‍රපටයක භාවිත කරන සේයා පටල වැඩිපුර අනාවරණය කරන වර්ණය
කුමක්ද කියා විමසා දැනගෙන ඒ අනුව අංග රචනය කිරීම. කළු සුදු චිත්‍රපටයක අංග රචනය
වර්ණ චිත්‍රපටයකට වඩා වගකීම් සහිතයි.