|
ශ්‍රී උපන් දා පහළොස් දෙනෙකු පහළොස් වන උපන් දිනයට ඇවිත්
ශ්‍රී ගුවන් විදුලි නාළිකාවේ පහළොස් වැනි උපන් දිනය පසුගියදා එම නාළිකා පරිශ්‍රයේදී සැමරීය. මේ සඳහා ඊ. ඒ. පී. මාධ්‍ය ජාලයේ අධිපති ආචාර්ය සෝමා එදිරිසිංහ, ඊ. ඒ. පී ගෝල්ඩිංස් සභාපති කළමනාකර අධ්‍යක්ෂ මනෝ තිත්තවැල්ල, උප සභාපති ජීවක එදිරිසිංහ, ඊ. ඒ. පී. බ්‍රෝඩ්කාස්ට් සභාපති ආචාර්ය ජයනාත් ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු කලා සහෘදයින් රැසක් එක්ව සිටියහ. මෙහිදී සිදු වූ සුවිශේෂීම සිදුවීම වනුයේ ශ්‍රී නාළිකාව ඇරැඹි දින, එනම් 2000. 08. 11 දා ඉපදුන දරුවන් පහළොස් දෙනෙකු එදින ශ්‍රී උපන් දින කේක් ගෙඩිය කැපීමයි. ක්‍රිෂාන් ජීව රණසිංහ සමඟ භාෂිණී සමරසිංහ මෙම අවස්ථාව නිවේදනයෙන් මෙහෙය වන ලදී. ශ්‍රී උපන් දිනයට සමගාමීව ශ්‍රී නාළිකාවේ ශ්‍රාවකයින්ට ත්‍යාග පිරිනැමීමක් ද සිදු විය. ලොව ලොකුම බඩුමල්ල (රුපියල් ලක්ෂයක් වටිනා) ප්‍රදානය ද එදින සිදුවීම තවත් විශේෂත්වයකි. ශ්‍රී නාළිකාවේ වත්මන් වැඩසටහන් අංශ ප්‍රධානි සහ සහකාර අධ්‍යක්ෂ වශයෙන් චතුර විජේරත්න කටයුතු කරයි. ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (E B C) ලෙස කටයුතු කරනුයේ චලක ගජබාහුය. |