FEEDBACK
ප්‍රවේගය
කවුරු මොනවා කිව්වත් ප්‍රවේගය වර්තමානයේ සෑදූ ඉතා හොඳ වාණිජ චිත්‍රපටයකි. මෙම
චිත්‍රපටය නිර්මාණය කළ සියලු දෙනාටම මාගේ ප්‍රණාමය.
එච්. එම්. ආරියරත්න
ගඟේවත්ත, ලේවැල්ල, මහනුවර
අගය
කළ යුත්තකි
ජාතික රූපවාහිනියෙන් සිකුරාදා රාත්‍රී පැරැණි සිංහල ච්ත්‍රපට විකාශය කිරීම අගය කළ
කටයුත්තකි. ගැහැනු ළමයි, ගම්පෙරළිය යන පැරැණි ජනප්‍රිය චිත්‍රපට විකාශනය කිරීම
පිළිබඳ ජාතික රූපවාහිනියට ස්තුති වෙමි.
දිනේෂ් ගුණසේකර
මාතර
සුබපැතුම්
පුරා හතළිස් වසරක් කලාව වෙනුවෙන් කරන ලද මෙහෙවර අගය කරමින් ආරිය පදනම මඟින්
උත්තමාචාර සම්මානයෙන් පිදුම් ලත් ප්‍රවීණ කලාකරු ඩග්ලස් රණසිංහ මහතාට මගේ
සුබපැතුම්. එවැනි සම්මානයක් ඔහු වෙත පුද කළ ආරිය පදනමට තුති පුදමි.
දයාරත්න ගනේගොඩ
කැලණිය
සිනා
සාගරයකි
එඩී ජයමාන්න සහ මේබල් බ්ලයිත් සිහියට නැඟෙන ජොසී මනප්පු චරිත ආවර්ජනය කෙරෙන නෝනෙ
මගෙ සුදු නෝනේ චිත්‍රපටය සිනා සාගරයකි.
සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල, කොටුගොඩ
දයා
රාජපක්ෂ
ශ්‍රී ලාංකික චිත්‍ර කතා පත්තර ඉතිහාසයේ ආන්දෝලනයට තුඩුදුන් රසික ආකර්ශනය දිනූ
ජනප්‍රිය චිත්‍ර කතා රැසක් නිර්මාණය කළ දයා රාජපක්ෂ ජීවන ගමනින් නික්ම යාම ටෙලි
සිනමා ඇතුළු කලා ක්ෂේත්‍රයට සිදු වූ දැරිය නොහැකි බලවත් පාඩුවකි. දයාබර දයා රාජපක්ෂ
චිත්‍ර කතා නිර්මාණ ශිල්පියාණෙනි, ඔබ මියගියත් ඔබගේ ගුණ සුවඳ සිරිලක් දෙරණ පුරා
සදාකල්හිම පවතින්නේය.
ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
බටහිර අධිකාරිමුල්ල, දූනගහ
කමල්
අද්දරආරච්චි
ජූලි මස 30 වන දින 'සරසවිය' පත්‍රයෙහි අසංක දේවමිත්‍ර මහතා කමල් අද්දරආරච්චි මහතා
හා සමඟ ඇති වූ සංවාදයකදී ඔහු විසින් ප්‍රකාශ කරන ලද සත්‍යම වූ තොරතුරු අගය කොට
සලකමි. ඔබ වැනි දක්ෂ රංගන ශිල්පියෙකු දේශපාලන කරළියෙහි කිසි දිනක දකින්නට නොලැබ,
සහජයෙන් උරුම කර ගත් රංගනයෙන්ම සැමදා දකින්නට ලැබේ නම් සතුටකි. ඔබේ රංගන දිවිය තව
තවත් හොඳින් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
ඉන්ද්‍රානි ආරියවංශ
ගල්කිස්ස
ආගමික
චිත්‍රපට
ප්‍රදර්ශනය මදි
රූපවාහිනී නාළිකා ඔස්සේ ආගමික පසුබිමක් ඇති චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ නැති නිසා,
රටේ පුරවැසියන් යහමඟට යවන්න ආගමික චිත්‍රපට ප්‍රදර්ශනය කරන මෙන් ඉල්ලා සිටිමි.
වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන්
වෙන්නප්පුව
ජෝති
ගී
ජෝති ගී අමරණීයයි. සුරේන්ද්‍රගේ ගීත ඇසෙන විට ජෝති නැති අඩුව තදින් දැනේ.
නන්දා ලියනගේ
මහවැව
කාලානුරූපී වැඩසටහනකි
ගිරය
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ගිරය දේශපාලන වැඩසටහන ප්‍රේක්ෂකයා අවධියෙන් තබා
ගන්නා වැඩසටහනකි. කාලීන මාතෘකාවන් පාදක කරගන පක්ෂ 4 ක දේශපාලඥයන් සිව් දෙනෙකු හට
තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙයි. ඉන් අනතුරුව මාධ්‍යවේදීන්
ඉතා චතුර ලෙස දේශපාලඥයින්ගෙන් ප්‍රශ්න විමසන ආකාරය ප්‍රේක්ෂක ආකර්ශනය මැනවින් දිනා
ගැනීමට සමත් වෙයි.
අනුර කුලවර්ධන
රදාවාන
දියණියෝ
පබෝදා සංදීපනී දුව ඔයාට ලැබිලා තියෙන්නේ ලොකු වාසනාවක්. මේ දියණියන් ටික මේ කරන
ව්‍යායාමය දුටුවම මට නම් හිතෙන්නේ මේ දූලා ද පුතාලා ද කියලා. ඔබලාගේ රංගනය ඒතරම්
නිර්මාණශීලියි. ජාතික රූපවාහිනියට ඉතාමත් ස්තුති කරනවා මෙවැනි නිර්මාණ අපට දෙනවාට.
චිත්‍රා පෙරේරා
වැලිසර, රාගම
නේත්‍රා
නාළිකාව
දමිළ මෙන්ම සිංහල ප්‍රේක්ෂකයන් අතර ද ජනප්‍රිය නේත්‍රා නාළිකාව පසුගිය දිනක විකාශනය
කළ කේ. බාලචන්දර්ගේ 'සිංදු භෛරවී' ප්‍රකට සිනමා සිත්තම සිංහල උප සිරසි සහිතව
ප්‍රදර්ශනය කිරීම ගැන එම නාළිකාවේ බලධාරීන්ට මාගේ ස්තුතිය.
චන්ද්‍රකාන්ති ධර්මරත්න
කැලණිය
නිවන් සුව
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම චිත්‍ර කතා ශිල්පියෙකු මෙන්ම, දක්ෂ තිර නාටක රචකයකු වූ ද,
කාටුන් කලාවට විශාල මෙහෙයක් කරමින් ඔහුට ඕ. සී. අයි. සී. සම්මානයක් ද හිමිකරලීමට
වාසනාව ලත් දයා රාජපක්ෂ නම් මාහැඟි කලාකරුවා නොබෝ දිනකදී අප අතරින් සදහටම සමුගැනීම
සංවේගයට කරුණකි. එතුමාට නිවන් සුව අත්වේවායි පතමු.
තිලකරත්න විල්වල
කෑගල්ල
S.M.S.
වස්සානේ ප්‍රේමය නව මගක යන
මස් ලේ සහිත මිනිසුන් ගති පෙරට ගෙන
ලස්සන කතාවකි හදවතට මිහිර දෙන
වස්සමි සුභාසිරි මල්වැසි සෙනෙහසින
විරාජ් හර්ෂනාත බණ්ඩාර-නිකවැරටිය
විශ්ව අයියේ ඔයාට වගේම ඔයාගේ බිරිදට හා සිඟිත්තියට සුබම සුබ යහපත් අනාගතයක්
උදාවේවායි ප්‍රාර්ථනා කරනවා.
තාරුකා සෙව්වන්දි
මාවතගම
ස්වර්ණවාහිනියේ විකාශය වන මුතු වැස්ස නාට්‍යයේ ක්ලීටස් මෙන්ඩිස්ගේ රංගනය ඉතාමත්
තාත්ත්විකයි.
යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙනිය
ප්‍රවීණ රංගන ශිල්පි රොෂාන් රණවන අයියේ, ස්පන්දනවලට පස්සේ ඔයාව දකින්න ආසාවෙන්
ඉන්නේ. අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටය එනකම් අපි මඟ බලාගෙන ඉන්නවා.
මියුරි දුලානි මල්ගේ
හැටන්
කලාකරුවන් රැක ගැනීමේ අරමුණින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා එක්සත් කලා සන්ධානයට මගේ
සුබපැතුම්.
ලක්ෂ්මන් ද සිල්වා
මෝදර
මා කැමැති ජෝති ගී ඉදිරිපත් කරන ගුවන් විදුලියේ වෙළෙඳ සේවයටත්, ආනන්ද පද්මසිරි
සොහොයුරාටත්, නිවේදිකා චිත්‍රා කුමාරිටත්, එයට සහභාගි වන සැමටත් අනේක වාරයක් තුති.
එහි රසය කියා නිම කළ නොහැකිය. ජෝති ගී සදාකල්හිම ඇසේවා, ඇසේවා, ඇසේවා!
මානෙල් වික්‍රමරත්න
කෑගල්ල
කවුරු මොනවා කිව්වත් මොන නළුවා අභියෝග කළත් මහේන්ද්‍ර පෙරේරා තරම් විශිෂ්ට නළුවෙක්
දැනට ලංකාවේ නැහැ. ඔහු තමයි ප්‍රතිභාපූර්ණ නළුවා.
හේමන්ත උඩුවර
අඟුරුවාතොට
'රන් දම්වැල්' ටෙලිය බලන්න හිතෙන හොඳ කතාවක්. මේනකා, තිසුරි හොඳට රඟපානවා. ඔවුන්ට
මගේ සුබපැතුම්.
සමන්මලී
කැප්පෙටිපොළ
අයාලේ යන ඇතැම් චිත්‍රපට නිෂ්පාදකවරුන්ට විදග්ධ සිනමාවක අගය කියා දීම සඳහා සරසවිය
සම්මාන උළෙල යළි ඇරැඹීම යෙහෙකි.
කලිනිදු පන්සිලු
කැලණිය
ස්වර්ණවාහිනියේ විකාශය වන ගොළු තාත්තා ටෙලි නාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරාගේ රංගනය
විශිෂ්ටයි.
ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙනිය
සිරස නාළිකාවේ විකාශය වන ජන අසුන වැඩසටහනේ විනිසුරු මඩුල්ලේ සිටින අජිත් ජයවර්ධන
මහතා ඉතාමත් දක්ෂයි. තරගකරුවන්ගෙන් ප්‍රශ්න අසන රටාවත් ඉතාමත් ආකර්ෂනීයයි.
මධුශිකා සඳරුවනි
කඩුවෙල
නවක පරපුරේ රිදී තිරේ සිහින කුමරා රොෂාන් රණවන දක්ෂතම නළුවා ලෙස කිරුළ පලඳින්නට
බොහෝ ඉඩකඩ ඇති උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනතුරු අපි ඇඟිලි
ගනිමින් ඉන්නවා.
හර්ෂනාථ බණ්ඩාර
නිකවැරටිය
ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග්, ජමුනා රාණි වැනි ගායක ගායිකාවන්ගේ ගීත තවමත්
අමරණීයයි. දැන් නිතර නෑසෙන්නේ ඇයි? ඔවුන්ව අමතක වෙලාද, කරලද?
ගාමිණී මහබාලගේ
පිළියන්දල
රිතු අක්කි, ඔයා උතුම් පැතුම් නාට්‍යයේ වරුණිගේ චරිතයට උපරිම සාධාරණයක් කරනවා.
ඩී. හර්ෂ විරාජ්
මාකඳුර
සාරංග අයියේ, වස්සානෙ ප්‍රේමය ටෙලි නාට්‍යයේ ඔයාගේ රඟපෑම කියල වැඩක් නැහැ. සුපරිම
තමයි. මම ඔයාට ගොඩක් ආසයි.
පියුමි
මීගමුව
ප්‍රවේගය සිනමාපටයේ හේමාල්ගෙත්, උපේක්ෂගෙයි, යුරේනිගෙයි අපූරු නර්තනයන් ඇතුළත්
මල්සරා ගීතය ගොඩක් ලස්සනයි.
දිල්මින්
එල්ලාවල
දිනක්ෂි ප්‍රියසාද්ට, ඔබගේ රැඟුම්වලට සමානව ගයන්නටත් පුළුවන්. හොඳ ගීත ඇල්බමයක් කළා
නම් තවත් හොඳයි නේද?
සුනිල් බී. වේහැල්ල
ගෝනපල
දනුක දිල්ශාන්ගේ නමත් ලස්සනයි. ඔහුත් ලස්සනයි. ඒත් ටිකක් ආඩම්බරයි වගේ.
ෆාතිමා
වැලිගම
රන්ජන් රාමනායකට
ඔබගේ නවතම අධ්‍යක්ෂණය වන ඩොක්ටර් නවරියන් නැරැඹීමට අපි ඉතාමත් ආසාවෙන් පසු වන්නෙමි.
දේශපානමය වශයෙන් කොතරම් කාර්යබහුල වුවත් සිනමාව සඳහා දක්වන දායකත්වය අඩු නොකරන්න.
චන්දන වන්නිආරච්චි
දෙහිඅත්තකණ්ඩිය
ප්‍රතිචාර සැකසුම -
තිස්ස ධම්මික
0773042834
ඔබේ ප්‍රතිචාර SMS මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්,
කොළඹ 10
යන ලිපිනය විවෘතය.

|