සඳනිව අන්දලා යෝගට් කාලා
සඳනිව අන්දලා යෝගට් කාලා
කලා ලොවේ අලුතින්ම එකතු වූ ප්‍රස්ථාව පිරුළ දන්නවාද. ඒක තමයි මේක. 'සඳනි පතිරණ
යෝගට් බෙදුවා වගෙයි' ෂෝක් නේද? දැන් ඔබ බලනවා ඇති මේ පිරුළ හැදුණෙ කොහොමද කියලා. ඕං
එහෙනම් අහගන්නකෝ. සඳනි මේ දවස්වල රඟපානවා පිටකොටුව කියලා ඩ්‍රාමා එකක.
එහි ෂූටිං
තිබුණු දවසකම තමයි සඳනිගේ බර්ත් ඩේ එකත් යෙදිලා තිබුණේ. දැන් කට්ටියගෙන් බේරිල්ලක්
නැහැ සඳනිගෙන් මොනවා හරි ඉල්ලලා.
බැරිම තැන සඳනි දහ අතේ කල්පනා කරලා කිව්වලු දවල්
කෑමෙන් පස්සේ අතුරුපස තමන්ගානෙ දෙනවා කියලා. කොයි කවුරුත් කැමැති වෙලා තියෙන්නේ
යෝගට් කන්න. ඉතින් සඳනි ඉන්න කට්ටියට යෝගට් ගෙනාවලු. ඒ ටික ආහාර පිළියෙල කරන කෙනාට
දීලා සඳනි පොඩ්ඩක් නිදාගෙන. ඔය අතරතුරදී සෙට් එක මේ යෝගට් ටිකට වැඩේ දීලා. දවල් කෑම
එහෙම අරගෙන සඳනි ටිකක් කැරකිලා බැලුවලු. ගෙනාපු යෝගට් මල්ල පේන්නත් නැහැ.
අධ්‍යක්ෂවරයාගෙන් ඇහැව්වලු යෝගට් කෑව ද කියලා. ඔහු ගත්කටටම නැහැ කිව්වලු.
කැමරාමන්ගෙනුත් ඇහැව්වලු, එයත් නැහැ කිව්වලු. මෙන්න බොලේ අහන අහන කෙනා යෝගට් කෑවෙ
නැහැ කියලා කියනවලු. සඳනිට හරිම අප්සට්. ටක් ගාලා අම්මත් එක්ක දුවලා ගිහින් ආයෙත්
යෝගට් මල්ලක් ගෙනාවලු. ඒවා තමන්ගේ අතින්ම බෙදලා දීලා. ඊට පස්සේ හැපි බර්ත් ඩේ කියලා
හැමෝම විශ් කරලා. හවස් වෙද්දී කෙනෙක් අහනවලු ඇයි සඳනි යෝගට් දෙපාරක් ගෙනාවෙ, අපි
ඔයා හින්දා යෝගට් දෙපාරක් කෑවා කියලා. සඳනි උඩ බිම බැලුවලු. කලබලෙන් අධ්‍යක්ෂ ගාවට
ගියාලු.
ඔහු සඳනිව දැක්ක ගමන් අමුතු හිනාවක් දැම්මලු. පස්සේ ඔක්කොම හිනා වෙනවා
ඉවරයක් නැතිලු. අධ්‍යක්ෂ කිව්වලු අපි කලින් යෝගට් කෑවෙ නැහැ කියලා කිව්වෙ බොරුවට
කියලා. හැමෝම කතා වෙලා තමයි සඳනිව එහෙම බයිට් කරලා තියෙන්නේ. කොහොම හරි කිඹුලි වගේ
ලණුව ගිලපු සඳනි යෝගට් දෙපාරක්ම ගෙනල්ලා. අන්න එදා ඉඳලා තමයි 'සඳනි පතිරණ යෝගට්
බෙදුවා වගේ' කියන ප්‍රස්ථාව පිරුළ හැදුණෙ.
|