වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




දොන් ෂර්මන්ගේ ‘ඔය ඇස්’ වීඩියෝ පටය එළි දැක්වූදා

දොන් ෂර්මන්ගේ ‘ඔය ඇස්’ වීඩියෝ පටය එළි දැක්වූදා

ජනප්‍රිය ගායන සූපවේදී දොන් ෂර්මන් ගේ අලුත්ම සංගීත වීඩියෝව, ‘ඔය ඇස්’ පසුගියදා කොළඹ කින්ස්බරි හෝටලයේදී මාධ්‍යයට මුදා හැරියේය. ‘ඔය ඇස්’ ගීතයේ පද රචනය මහින්ද කේ. ප්‍රේමසිරි ගෙනි. මෙහි සංගීතය සහ අධ්‍යක්ෂණය තරුණ සංගීතවේදී සුනෙත් කැළුම් ගෙනි. ගීතය සම්පූර්ණයෙන්ම වීඩියෝ ගතකර ඇත්තේ මැලේසියාවේ සුන්දර දර්ශන තලයන්හිදී වීම මෙහි ඇති අපූර්වත්වයයි. ගායක දොන් ෂර්මන් සහ සංගීත අධ්‍යක්ෂ සුනෙත් කැළුම් මාධ්‍ය දිග හැරුමේදී ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.