වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




වාරු නැතිව ජගත් පාලමෙන් පහළට

වාරු නැතිව ජගත් පාලමෙන් පහළට

රංගන ශිල්පී ජගත් බෙනරගමටත් රූගත කිරීමක දී ඇබැද්දියක් සිදුවෙලා. ‘පබසරා’ කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීමකදි තමයි ජගත් ට මේ අනතුරට මුහුණපෑමට සිදුවුණේ. රූගත කිරීම් කෙරුණේ කුලියාපිටියේ දී.

දර්ශනයේ හැටියට ජගත් බයිසිකලයක් පැදගෙන එන්න ඕන. ඔන්න දැන් ජගත් සෑහෙන දුරක ඉඳලා බයිසිකලය පැදගෙන එනවා.

ඒ අතරමග තිබුණු පාලම පහුකරනවාත් සමඟම කකුල ලිස්සලා ජගත් පාලමෙන් පහළ අඩි දොළහක් විතර ගැඹුරු වතුරට වැටිලා.

එතන හිටිය කාටවත් මේ මොකද වුණේ කියලවත් හිතා ගන්න බැරි වුණා.

කොහොම හරි ජගත්ව ගොඩට ගනිද්දී කකුලකුත් තුවාල වෙලා. වෙලාවට බෙහෙත්ටික කළ නිසා ජගත් ට ඉක්මනටම ආයෙත් බයිසිකලය පදින්න ලැබිලා.