වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඩොනල්ඩ් එදා කිව්ව දේ ඩොනල්ඩ්ටම අද මතක නෑ

ඩොනල්ඩ් එදා කිව්ව දේ ඩොනල්ඩ්ටම අද මතක නෑ

ඩොනල්ඩ් ජයන්ත කියන්නේ අපේ සිනමා ක්ෂේත්‍රයේ සිටින කාර්ය බහුලම සහාය අධ්‍යක්‍ෂවරයෙක්. චිත්‍රපට රැසකට සහාය අධ්‍යක්‍ෂණයෙන් දායක වුණු ඔහු පසුගිය දවස්වල නම් කිව්වේ තම 50 වැනි සහාය අධ්‍යක්‍ෂණයෙන් පස්සේ අධ්‍යක්‍ෂණයට පිවිසෙනවා කියලා.

එහෙම කියපු ඩොනල්ඩ් පසුගිය දවසක සදේශ් කුමාර්ගේ ‘ප්‍රවේගය’ චිත්‍රපටයට සම අධ්‍යක්‍ෂණයෙන් දායක වුණා. මේ ගැන අහන්න අපි ඔහුට කතා කළාම ඔහු අපට කිව්වේ ආයෙමත් ‘මායා’ කියලා අලුත්ම ෆිල්ම් එකකට සම අධ්‍යක්‍ෂණයෙන් දායක වෙනවා කියල යි.

ඩොනල්ඩ් සහාය අධ්‍යක්‍ෂණයෙන් දායක වුණ ෆිල්ම් දහයක් විතර තව තිරගත වෙන්නත් තියෙනවා. මේ වෙනකොට ඔහු සහාය අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට ගණන 47 ක්. ඒ වගේම තව අලුත් චිත්‍රපට හතකටත් සහාය අධ්‍යක්‍ෂණයට ආරාධනා ලැබිලා.

කොහොම වුණත් මේ හැම එකක්ම ඉවර කරලා පොඩි නිවාඩුවක් එහෙමත් අරගෙනම අධ්‍යක්‍ෂණයට පිවිසෙන්න තමයි ඩොනල්ඩ් ගේ බලාපොරොත්තුව.