වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඊවාගේ හිත ධනවතකු ළඟ

ඊවාගේ හිත ධනවතකු ළඟ

තිස් අට හැවිරිදි නමුත් ඊවා ලොන්ගෝරියා තවමත් සඟරා කවරයකට උපන් ඇඳුමින් පෙනී සිටීමට තරම් හැඩකාර සිරුරකට උරුමකම් කියන්නීය. එහෙත් එලේ ස්පාඤ්ඤ කවරයකට මෑතකදී ඊවා පෙනී සිටියේ තරමක බියකින් බව ඡායාරූප ශිල්පීන් පවසා තිබේ.

අමෙරිකානු නිළි ඊවා ‘ඩෙස්පරේට් හවුස්වයිව්ස්’ ටෙලි නාට්‍යයෙන් ලෝ පුරා ජනප්‍රිය වූවාය. ඇය රැඟූ සිනමාපට අතර හාෂ් ටයිම්ස්, ද සෙන්ටිනල්, ඕවර් හර් ඩෙඩ් බොඩි වැනි සිනමාපට ද ලෝ ප්‍රකටය.

දෙවරක් විවාහ ජීවිතයට ඇතුළත් වූ ඇය දැන් තෙවැනි විවාහයකට ද සූදානමින් සිටින්නීය. මෙවර ඇයගේ තෝරා ගැනීම වී සිටින්නේ ධනවත් මෙක්සිකානු ව්‍යාපාරිකයෙකි. ඔහු ඇයට උමතු වී සිටින බව පැවසේ.

අමෙරිකාවේ උපන්න ද ඇයට යුරෝපීය ජාන 70% ක් ද, ආසියානු ජාන 27% ක් ද, අප්‍රිකානු ජාන 3% ක් ද තිබෙන බව ඩී එන් ඒ වාර්තාවකින් හෙළි වී ඇත. ඇය මෙතරම් හැඩකාර මේ ජාන මිශ්‍රණය නිසයි.