වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




දුකයි සතුටයි එකටම ඇවිත්

දුකයි සතුටයි එකටම ඇවිත්

අමෙරිකානු නිළි, ගායිකා මිලේ සයිරස්ට විසි එක් වෙනි උපන් දිනය සුබ උපන් දිනයක් වූයේ නැත. ඒ උපන් දිනයට පෙර දිනයේදී ඇයගේ නිවෙස මංකොල්ල කෑම නිසයි. සොරු ඇයට පෞද්ගලිකව වටිනා බොහෝ දේ පැහැර ගෙන ගොස් තිබේ. පොලිසිය මේ ගැන පරීක්ෂණ පවත්වයි.

සිතේ දුක තද කරගෙන ඇය උපන් දිනය සතුටින් සමරා ඇත. මාපියන් තිළිණ කළ ඩොලර් 24,000 ක් වටිනා වාහනය ඇයගේ දුක යම් තරමකට හෝ තුනී කිරීමට හේතු වී තිබේ.

ඩිස්නි සමාගම විසින් හඳුන්වා දුන් සාර්ථකම තරු අතර ළාබාල මිලේ ද සිටින්නීය. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ තරු හා තාරකාවන් සියය අතර ඇය දහතුන් වැනියා වූවාය. 2011 වසරේදී ඇය ගිනස් වාර්තා පොතට එක් වූයේ වැඩිපුරම ගීත දර්ශකවල වැජඹුණු ගැටවරිය ලෙසයි. ‘සෝ අන්ඩර්කවර්’ මිලේ අවසන් වරට රැඟූ සිනමාපටයයි.