වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




TOP TEN CHART FROM H O L L Y W O O D

TOP TEN CHART FROM HOLLYWOOD

The Hunger Games : Catching Fire අංක එකට

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ පෙරමුණට පැමිණීමට ෆ්‍රැන්සිස් ලෝරන්ස් අධ්‍යක්ෂණය කළ The Hunger Games : Catching Fire චිත්‍රපටය සමත්ව ඇත. පසුගිය නොවැම්බර් 22 වැනිදා සිට අමෙරිකාවේ තිරගතවීම ආරම්භ කළ මෙය  The Hunger Games චිත්‍රපට මාලාවේ දෙවැන්නයි. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ජෙනිෆර් ලෝරන්ස්, ජෝන් හචර්සන්, ලියම් හෙම්ස්වෝර්ත් රංගනයෙන් දායක වෙති. පළමු සති අන්තයේදී එය ඉපැයූ ආදායම ඩොලර් මිලියන 15.8ක්.

සති කිහිපයක් පුරා අංක එකේ සිටි Thor චිත්‍රපට මාලාවේ දෙවැන්න වු  The Dark World  චිත්‍රපටයට මෙවර දර්ශකයේ හිමි වූයේ දෙවැනි ස්ථානය යි. සති අන්තය වනවිට එය ඉපැයූ ආදායම ඩොලර් මිලියන 14.2ක්. මැල්කොම් ඩී. ලී අධ්‍යක්ෂණය කළ  The Best Man Holiday චිත්‍රපටය තෙවැනි ස්ථානයට පැමිණ තිබේ. හාස්‍යමය කතා පුවතක් රැගත් එය සති අන්තය වනවිට ඩොලර් මිලියන 12.5ක ආදායමක් වාර්තා කර තිබුණි. පසුගිය නොවැම්බර් 22 වැනිදා සිට අමෙරිකාවේදි තිරගතවීම ආරම්භ කළ Delivery Man චිත්‍රපටය සිව්වැනි ස්ථානයට පැමිණ තිබේ. කෙන් ස්කොට් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 7.94ක්. වින්ස් වෝග්න්, ක්‍රිස් ප්‍රැට්, කෝබි ස්මල්ඩ්ර්ස් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක් වෙති.

අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ සිව්වැනි සතිය ගතකරන Free Birds  චිත්‍රපටයට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානය යි. හයවැනි ස්ථානය ජෝන් ටටෙල්ටර්බ් අධ්‍යක්ෂණය කළ Last Vegas චිත්‍රපටයට හිමිවී තිබේ. ජෙග් ට්‍රෙමෙයින් අධ්‍යක්ෂණය කළ Bad Grandpa චිත්‍රපටය හත්වැනි ස්ථානයේ රැඳී සිටින අතර අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ එය ගත කරන්නේ අටවැනි සතිය යි. 12 Years a Slave චිත්‍රපටය නමවැනි ස්ථානයේ රැඳී සිටී.

ජීන් මාර්ක් වැලී අධ්‍යක්ෂණය කළ Dallas Buyers Club චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර දසවැනි ස්ථානය හිමිවී තිබේ. සති හතක් පුරා බොක්ස් ඔෆිස් චිත්‍රපට දහය අතරේ රැඳී සිටි Cloudy With a Chance of Meatballs චිත්‍රපටය සහ About Time, Captain Phillips චිත්‍රපට මෙවර දර්ශකයෙන් ඉවතට ගොස් තිබේ.