වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




චාමර ගේ ලුණු දෙහි බෝතලේ

චාමර ගේ ලුණු දෙහි බෝතලේ

‘අපි අපි වගේ’, ‘අමන්දා’ වැනි ජනපි‍්‍රය කතන්දර ලියූ චාමර ප්‍රසන්න කොඩිතුවක්කු ගැමිකම දෝත දරා කොළඹ ජීවත්වන තරුණයෙක්. මේ ළඟදි දවසක චාමරගේ අම්මා කොහුවල ඔහුගේ බෝඩිමට ආවා.

ඇය එනවිට ලුණු දෙහි බෝතල දෙකකුත් අරගෙන ආවේ. එයින් එකක් චාමර අරගෙන අනෙක් බෝතලේ මිතුරෙකුට දුන්නා. ඒ ලුණු දෙහි බෝතලයේ රසවත් බව ඒ මිතුරා චාමරගේ අනෙකුත් මිතුරන්ටත් පවසලා.

දැන් චාමරගේ මිතුරන් ඔහුට දුරකථන ඇමතුම් දීලා ලුණු දෙහි ඉල්ලනවාලු. අම්මට කියලා එයාලටත් ලුණු දෙහි හදවලා දෙන්න කියලා තමයි ඔවුන් කියන්නේ. කටට රසට ලුණු දෙහි හදලා දුන්න ඒ ආදරණීය අම්මාට ගොඩක් පින්.