වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ලින්ටන් සීමේජ් වෙලා

ලින්ටන් සීමේජ් වෙලා

හතළිස් හත් වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල පසුගියදා ගෝවේ අගනුවර පාන්ජිම් හිදී ආරම්භ කෙරුණා. සම්මානනීය රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කළ ‘නිල්’ චිත්‍රපටයත් එහිදී තිරගත වීමත් විශේෂයි.

ඒ වුණාට එම අවස්ථාවේදී නිවේදනය කළ නිවේදකයා ලින්ටන් සේමගේ ගේ නම කියලා තියෙන්නේ ටිකක් වෙනස් කරලා.

එහිදී ලින්ටන් සීමේජ් කියලා ඔහු පැවසූ බව අපට කිව්වේ ඉන්දිය සිනමා උළෙලට සහභාගි වෙලා සිටින සරසවිය කර්තෘ අරුණ ගුණරත්න. ලංකාව නියෝජනය කළ පිරිස ඒ වැරැද්ද දැනගත්තට අනිත් හැමෝම නම් ලින්ටන් හඳුනා ගන්න ඇත්තේ ලින්ටන් සීමේජ් විදියට වෙන්න ඇති.