වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




බුලත්විටක් කාගෙන රඟපාන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ

බුලත්විටක් කාගෙන රඟපාන්න තියෙනවා නම් ඊට වැඩිය දෙයක් නැහැ

ජනක කන්දෙමුල්ල කියයි

ජනක කන්දෙමුල්ල රංගන ශිල්පියකු වශයෙන් ඉදිරිය දකින්නට බලාපොරොත්තුවෙන් සිටින යෞවනයෙකි. වැඩිපුරම කළු චරිත පුංචි තිරයේදී මැවූ හෙතෙම මේ දිනවල අප හමුවට එන්නේ ‘සඳ පිනිබිඳක’ ටෙලි සිතුවමෙනි.

‘රුවන් මාලිගා’ හරහා තමයි මම රංගනයට අත්පොත තැබුවේ. හා හා පුරා කියලා රඟපෑවෙත් මැර චරිතයක්. ඊට පසුව ‘තූර්යා, තඹපාට හැන්දෑව, සුන්දර චන්දරේ’ වැනි ටෙලි නිර්මාණයන් හි රඟපෑවෙද ටිකක් රණ්ඩුවට බර චරිත. මං හිතනවා මගේ ස්වරූපයට වෙන්න ඇති එවන් වූ චරිත ලැබෙන්නේ.

තඹපාට හැන්දෑවෙ රඟපෑ බොඩිගාඩ් ගේ චරිතයෙන් මාව වැඩිදෙනකු හඳුනා ගත්තා කිව්වොත් නිවැරදියි. සමහරු හිතාගෙන ඉන්නේ මං ඇත්ත බොඩිගාඩ් කෙනෙක් කියලා. මගෙ ගම හොරණ. ඉස්කෝලෙ ගියේ ලබුගම විජිත මහා විද්‍යාලයට. ඉස්කෝලෙ යන කාලෙ මං හරිම ලැජ්ජා කරයා. වැඩිය එළියට ආවේ නැහැ. පාසලෙන් අයින් වුවායින් පසුව රැකියාවක් නොකළ මට ඉබේටම ආසාවක් ආවා රඟපාන්න. ඉතිං මං ඒක කලාවට සම්බන්ධ මගෙ යාළුවෙකුට කිව්වා. ඔහු මාව රැගෙන ගොස් රඟපාන්න ලබාදුන් පළමු නාට්‍යය තමයි ‘රුවන් මාලිගා’ ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් මට වැඩ ලැබුණා.

මං දැනට හොරණ මගේම කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. මොකද කලාවෙන් පමණක් ජීවත් වෙන්න බැරිනිසා.

මං තවම ආධුනිකයෙක්. ප්‍රවීණයන් ගෙන් පුළුවන් තරම් ඉගෙන ගන්නවා. ඇතැම් ප්‍රවීණයන් අප වගේ අයට තක්සලාවක් බඳුයි. මං හරිම ආසයි ගැමි චරිතයක් කරන්න. ගමක හැදුනු වැඩුනු කොල්ලෙක් නිසා සරමක් බැනියමක් ඇඳගෙන බුලත්විටක් කාලා ඉන්න ගැමි තරුණයකුගේ චරිතයක් කරන්න ඇත්නම් හොඳයි. මට ඒක ස්වභාවිකවම කරන්න පුළුවන් වේවි.

උදයකාන්ත වර්ණසූරිය ගේ ‘කොස්තාපල් පුඥ්ඥසෝම’ චිත්‍රපටයෙන් මං සිනමාවට එන්නේ. ඒකෙත් මං මැර කණ්ඩායමක සාමාජිකයෙක්.

මගේ මේ ගමනට උදව්කළ ඉරේෂ් ලොකුබණ්ඩාර, කුමා අත්තනායක, මාපිටිගම, රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක යන අයව ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා.

මේ ජනකගේ දුරකථන අංකය 0717240894