වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




බ්‍රිට්නි මර්ෆි මරා දමලා

බ්‍රිට්නි මර්ෆි මරා දමලා

බ්‍රිට්නි මර්ෆි හොරු අරන් ගියා වගේ අතුරුදන් වූ තවත් තාරකාවකි. 2009 දී ඇය මිය ගියේ නියුමෝනියාවෙන් සහ රක්තහීනතාවෙන් බව හෙළි කෙරිණි. එහෙත් ඇයගේ පියා එය පිළිනොගත්තේය. ස්වාභාවික සිද්ධියකින් දියණිය මිය නොගිය බව, පියා ඇන්ජෙලෝ බර්ටලොට් ප්‍රකාශ කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇයගේ සිරුරේ බර ලෝහ 10 ක් තිබූ බවයි. එය කෙනකුගේ සිරුරේ නොතිබිය යුතු තරම් අති විශාල ලෝහ ප්‍රමාණයකි.

බ්‍රිට්නිගේ සිරුරේ තිබූ ලෝහ මීයන් වැනි සතුන් මරා දැමීමට දෙන විෂවල ද අඩංගුය. මේ අනුව ඔවුන්ගේ පවුලේ අයගේ තීරණය වූයේ කිසිවකු හෝ ඇයට මී වස දී ඇති බවයි. වසර ගණනක් පියා, දියණියට සාධාරණය ඉටු කිරීමට සටන් කළේය. ඇයගේ කෙස්, රුධිරය, පටක මඟින් අවසානයේදී සත්‍ය ලොවට හෙළිවිණි. බ්‍රිට්නිගේ මරණය මිනීමැරුමකි.

බ්‍රිට්නි ජීවත් වූයේ වසර 32 කි. ඇය සිනමා, වේදිකා නිළියක පමණක් නොව ගායිකාවක ද වන්නීය. ක්ලූලස්, ෆ‍්‍රීවේ, බොන්ග්වෝටර්, අ වීව් ෆෙ‍්‍රාම් ද බ්‍රිජ්, ගර්ල්, ඉන්ටරප්ටඩ්, සින් සිටි, අප් ටවුන් ගර්ල්, හැපි ෆීට් වැනි සිනමාපටවල ඇය රැඟුවාය. ඇය අවසන් වරට චරිත නිරූපණය කර ඇත්තේ ‘සම්තිං විකඩ්’ සිනමාපටයේයි.