වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

අහංකාර ස්ත්‍රී චිත්‍රපටය ගැන යමක් කියන්න.

ජයම්පති නවරත්න – මාතලේ

1954 සැප්තැම්බරර් 17 තිරගත වූ මෙම චිත්‍රපටය ඒ. බී. රාජ්ගේ අධ්‍යක්ෂණයක්. එහි රඟපෑවේ ක්ලැරිස් ද සිල්වා, රවීන්ද්‍ර රූපසේන, රත්නා කුමාරි ද සිල්වා, හියුගෝ ප්‍රනාන්දු, රෝහිනී ජයකොඩි, මාක් සමරනායක, එඩී යාපා, නැන්සි ඩයස්, වින්සන්ට් වාස්, ට්‍රිසිලා මාර්ටිස්, ඇනස්ටා වයලා ප්‍රනාන්දු, වීණා ජයකොඩි, බර්ට්‍රම් ප්‍රනාන්දු, බෙනඩික්ට් ප්‍රනාන්දු, ලකී යාපා, ලීනා ද සිල්වා, පුණ්‍යා බුලත්සිංහල, නිකලස් පෙරේරා සහ විදේශීලී ද සිල්වා යන පිරිස. මෙය නිෂ්පාදනය කළේ එස්. එම්. නායගම්.

මේ ආත්මයේ කළ වැරැදිවලට මේ ආත්මයේම දඬුවම් ලැබෙනවාද?

චාමර ප්‍රේමනාත් – මිරිස්වත්ත

ඒකනේ චාමර බෞද්ධ දර්ශනයේ කියන්නේ ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ කියලා.

ශ්‍රේෂ්ඨ මිනිසෙකු වීමට නම් පොතක් ලිවීම අනිවාර්යයද?

සී. පී. විජේසිංහ – පිළියන්දල

ඇයි විජේ පොත් නොලියූ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේ ලෝකේ නැද්ද.

දක්ෂ විකට ශිල්පියෙකු වූ එල්. එම්. පෙරේරා විසින් නිපදවනු ලැබූ චිත්‍රපට මොනවාද?

මැණිකේ විල්වල – කෑගල්ල, තටාකය පාර

හතර මහා නිධානය, හතර කේන්දරේ, හතර පෙරළිය, හතර වටේ.

කැලණි ගඟෙන් නාලා - කැකිරි සිනා පාලා’ ගීතය ගයන්නේ කවුද?

සෙව්වන්දි - පමුණුවිල

වසන්තා සන්දනායක සහ සරත් සන්දනායක.

එච්. එම්. වී. ගීත තැටි වර්තමානයේ බෙදා හරින සමාගම් මොනවාද

අයිලින් සෝවිස් - රාගම

වර්තමානයේ එච්. එම්. වී. තැටි බෙදා හරින්නේ නැහැ.

විනෝදය සඳහා චිත්‍රපට නරඹා ඔළුව කචල් කර ගන්නවාට වඩා හොඳ නැතිද පුංචි පැටව් ටිකක් එක්ක හැංගි මුත්තන් සෙල්ලම් කරන එක.

කරු මන්දාවල – නාත්තන්ඩිය

ඇයි නිදාගන්න එකත් හොඳයි නේද?

අපේ ගෙදර හිටිය ගිරව් ජෝඩුව නැති වුණා. ඔයාලගේ එෆ්. එම්. එක පැත්තෙවත් ආවද අර්ජුන?

ඩිෂානි තාරුකා - මඩකලපුව

අපිට එෆ්. එම්. එකක් නෑනේ තාරුකා.

‘වනසරා’ චිත්‍රපටයේ රඟපෑ ශිරාණි ගුණතිලක ගැන යමක් කියන්න.

කමලා අයිරාංගනීල – මුලටියන, මාතර

රෝලන්ඩ් අමරසිංහගේ කොළඹ හාදයෝ චිත්‍රපටයේ ලයනල් දැරණියගලගේ පෙම්වතිය ලෙස රඟපාමින් සිනමාවට එක් වූ ඇය ඒ සමයේ හැඳින් වූයේ ශිරාණි ප්‍රනාන්දු යන නමින්. විවාහයෙන් පසුව ශිරාණි ගුණතිලක යන නාමය භාවිත කළා.

කොළඹ හාදයෝ, දෙළොවක් අතර, ඔබ දුටුදා, සැඟවුණු මැණික, වනසරා ඇය රඟපෑ චිත්‍රපටයි.

ප්‍රවීණ නළුවන් වන හේමසිරි ලියනගේ සහ සුමින්ද සිරිසේන දැන් කෝ?

ස්වර්ණා අරංගල්ල , කඳුකර උයන - කොටුගොඩ

හේමසිරි ලියනගේ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. තවමත් ඔහු සක්‍රීයව කලා කටයුතුවලත් නියැළෙනවා. සුමින්ද සිරිසේන පසුගිය කාලයේ රෝගාතුර වී සිටියත් වර්තමානයේ විවේක සුවයෙන් කල් ගෙවනවා.

මා එවූ ප්‍රශ්නවලින් මෙතෙක් පිළිතුරු ලැබුවේ එකකට පමණයි. අනික් ඒවාට උත්තර නොලැබුණේ ඇයි?

පී. වයි. අනුලාවතී – අවිස්සාවේල්ල

දිගටම ප්‍රශ්න එවන්නකෝ.

බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද? මෙරට තිරගත වූයේ කවදාද?

ලකී යාපා - කිරිවඩුන්න – කෑගල්ල

එහි අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන්. 1957 දී තිරගත වුවා.

ටෙලි නාට්‍ය කලාවේ ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු’ හී රඟපෑ වසන්ත කොටුවැල්ල නිහඬ ඇයි?

තිලකරත්න විල්වල – කෑගල්ල

ඔහු නිහඬ නැහැ .ළඟදීම ඔහු නිර්මාණයකින් ඔබ පිනවයි.