වර්ෂ 2013 ක්වූ නොවැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැළේපොළ කුමාරිහාමි ජනවාරියේ වැඩ අරඹයි

ඇහැළේපොළ කුමාරිහාමි ජනවාරියේ වැඩ අරඹයි

අතිශය ජනප්‍රසාදය ලබමින් තිරගත වූ විජය කුවේනි සිනමාපටය අධ්‍යක්ෂණය කළ සුගත් සමරකෝන් තම ඊළඟ ඓතිහාසික සිනමාපටයෙහි මූලික වැඩ කටයුතු ආරම්භ කොට තිබෙනවා. විජය කුවේණි නිෂ්පාදනය කළ ගයාන් රණධීර විසින්ම එය නිෂ්පාදනය කරනු ලබයි. චිත්‍රපටයේ නම ඇහැළේපොළ කුමාරිහාමි. ඇහැළේපොළ කුමාරිහාමිගේ චරිත කතාව ඇසුරෙන් තිරයට නැගෙන එහි එම චරිතය මවනු ලබන්නේ දුලානි අනුරාධායි.

ජැක්සන් ඇන්තනී, ලකී ඩයස්, මාලිනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස්, සුසිල් පෙරේරා, සුගත් විජේසේකර ඇහැළේපොළ කුමාරිහාමි රංගනයෙන් හැඩගන්වති.

කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂවරයාය. ශ්‍රී ලාල් වික්‍රමගේ ගේ නිෂ්පාදන කළමනාකරණයකි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියා වේ. ධමමික හේවාදූවගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සනත් රණවීර කොණ්ඩා සැකසුමෙන් ද ඇහැළේපොළ කුමාරිහාමි සඳහා දායක වී ඇත.

2014 ජනවාරි මුල සතියේ සිට ඇහැළේපොළ කුමාරිහාමි හි රූගත කිරීම් ඇරැඹීමට නියමිත බව දැනගන්නට ලැබෙයි.